”අනිල්” වැවට ආදරේ ඇයි???

0
66

වෙන්නප්පුවේ මහවැව සෝදාපාලුවට ලක්ව ඇති නිසා එහි මීටර් 100 ක පමණ ප්‍රදේශයක් සිය පුද්ගලික වියදමින් වැව් බැම්මක් ඉදිකර දිමට වැව පාරේ පදිංචි අනිල් නැමැති අයෙක් ඉදිරිපත් වි ඇත.
ඒ අනුව එයට අවසර දෙමින් වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලය අනිල් මහතාට වැව් බැම්ම සෑදීම සදහා අවසර දි තිබේ.

නමුත් ප්‍රදේශවාසීන් පවසන  ආකාරයට මේ බැම්ම ඉදිකර ඇත්තේ නියමිත ප්‍රමාණයට වඩා අඩි දෙකක් වැඩිපුර වැවෙන් ද අල්ලමිනි.
මෙම පුද්ගලයාට හදිසියේ වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට ඇතිවූ අවශ්‍යතාවය හා ඒ වෙනුවෙන් මේ තරම් ඉක්මණට වියදම් කර මෙය නීතී විරෝධී ලෙස අවසන් කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබදව සාධාරණ සැකයක් මතුවෙයි.
දැනට  මතුවන ගැටළුව වන්නේ අනිල් මහතා වැව් බැම්ම හදන්නේ වැව සෝදා පාලුවට ලක්වන නිසාද??
අනෙක් කාරණය වන්නේ වැවේ ඇති සුන්දරත්වය විදගන්නට අනිල් මහතා අන් අයටද ඉඩ සලසමින් කුඩා හෝටලයක් හෝ උත්සව ශාලාවක් මේ වැව ඉදිරිපිට හදන්නට ද  ඉඩ තිබේ.
එසේම මේ වැව් බැම්මද ඒ ව්‍යාපෘතියේම කොටසක් බවටද පත්වන්නට ඉඩ තිබේ.
එසේ කරගන්නට අනිල් ට අවසර නැතැයි ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලයෙන්  අනිල් වෙත දන්වා නැත.
ඉතින් අනිල්ගේ ව්‍යාපාරික සිහිනය තුල වැව් ඉවුර අයිති වන්නේ කාටද??