අනුන්ගේ ඉඩම් අල්ලන්ට ගිය පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්තට ඇප

0
63

asoka

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඊයේ (06) මාරවිල  අධිකරණෙය්දී   නාත්තන්ඩිය ප්‍රදේශයේ  අැති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමකට අනවසරෙයන් අැතුළුවීමකට  එරෙහිව  නඩු විභාගයක්  පැවැත්විණි.
මෙම නඩුවේ  පැමිණිලි පාර්ශවය වෙනුවෙන්  ශිරෝන් ප්‍රනාන්දු සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ  නිලධාරීන් ද සහභාගී  වී සිටි අතර වගඋත්තරකරුවන් ලෙස  පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී අශෝක  ප්‍රියන්ත, දමිිත් බන්ඩාර, ජනිත් වෙත්තසිංහහ,බාලන් සහ කුමාර නැමැත්තන් පෙනි සිටියේය.
පැමිණිල්ලේ පාර්ශවකරුවන් වන ශිරෝන්  ප්‍රනාන්දු මහතා විසින්  ඉඩම් ප්‍රතිසංස්කරණ ෙකාමිෂන් සභාවෙන්  30 අවුරුදු බදු ක්‍රමය යටෙත් සංවර්ධනය කිරීම සදහා ලබාගත් අක්කර 15ක ඉඩමක් සහ තවත් ව්‍යාපාරිකෙයකු විසින් ලබාගත් අක්කර 11 ක ඉඩමකට පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා සහ ඔහුගේ අධාරකරුවන් බලෙන්  අැතුල් වී තර්ජනය කර හිරිහැර කිරිමට දෙපාරක්  උත්සාහ කිරීම සහ පසුව
ඒම ඉඩම් වල බලහත්කාරයෙන් වෙනත්  පුද්ගලයින් පදිංචි කරවීමට ඒරෙහිව මෙම පැමිණිල්ල  අධිකරණයේදි   විභාග විය.
මෙහිදී  මෙම  ඉඩම් කැබලි වල ලොට් අංක  1/2/3/4 යන කොටස්  වලින් ඉඩම් අංක 1 යන කොටස  පමණක් ජනතාවට නිවාස ඉදිකරදිම සදහා සජිත් ප්‍රේමදාස පා.මන්ත්‍රීවරයා විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම්   සභාවන් පවරාගෙන  අැති අතර ඒම  කොටස හැරෙන්නට අනෙක්  ඉඩම් කොටස්  (2/3/4)  වලට අැ්තුළු  වීමට  හෝ පදිංචි වීම නීති විරෝධී බව අධිකරණයේදි  තහවුරු කර අැති අතර පා.මන්ත්‍රී අෙශා්ක ප්‍රියන්ත මහතාගේ  පාර්ශවය ඒය පිළිගෙන තිබේ.
එමෙන්ම එම ඉඩම් වල අනවසරෙයන් පදිංචි වී සිටින පුද්ගලයින්  ඉවත් කිරීම සදහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඉඩදීමට ද මෙම පාර්ශවය එකගවී ඇත.
මේ අනුව ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත ඇතුළු පුද්ගලයන් 4 දෙනාට ඇප නියම කර ඇති අතර මෙම නඩුවේ තවත් නඩු විභාගයක් අප්‍රේල් 05 වනදාට යෙදී තිබේ.

මෙම ගැටළුවට සම්බන්ධ ඉඩම ශිරෝන් ප්‍රනාන්දු විසින් සිය සිතිජ ප්ලාන්ටේෂන්  සීමාසහිත පුද්ගලික සමාගම වෙත 30 අවුරුදු බදු ක්‍රමය යටතේ සංවර්ධනය කිරීමට පවරාගත් ඉඩමක් වන අතර ඒ මහතා පවසන්නේ තමන් පවරාගත් මෙම ඉඩමෙන් කප්පමක් ලබාගැනීමට  පා. මන්ත්‍රී අශෝක ප්‍රියන්ත විසින් උත්සාහා කර බැරිවූ තැන මෙලෙස තමන්ට හිරිහැර කළ බවයි. පසුව මාරවිල පොලීසියටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර මාස ගනණක් බලා සිටින්නට සිදුවූ බවත් අවසානයේ  අධිකරණ සහය පැතූ බවයි.