අනුන්ගේ කුණු සොයන ගොසිප් පප්පලා සහ මාධ්‍ය නිදහස?

0
351

gossip

අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල ලංකාව තුලදි අද ප්‍රකට වචනයක් බව පත්වඇත්තේ ගොසිප් යන්නයි.
ගොසිප් යනු ඕපාදුපයන්ය.ඔවුන්ගෙන් බහුතරයක් සපයන්නේ මාධ්‍ය කලාව තුල කුණු රසය මිස අන් කිසියක් නොවේ.
ගොසිප් යන්න මාධ්‍ය කලාවට අකැප යැයි අපි නොකියමු.
එහෙත් අද ලංකාවේ වෙබ් මාධ්‍ය කලාව යනු එහෙම පිටින්ම කට් ඇන්ඩ් පෙස්ට් එකක් බවට පත්ව තිබේ.
මේ නිසාම බහුතරයක් දෙනා නැවුම් පුවත් සොයන්න මහන්සි ගන්නේ නැත.ඒ වෙනුවට කොහෙන් හෝ සොයගන්නා පුවත් කොපි කරමින් ගොඩ යන්න බලති.
ලංකාවේ ගොසිප් සයිට් මේ ක්‍රියාව අරඹයා වඩාත් ඉදිරියෙන් සිටිති.
මේ නිසාම ගොසිප් නම යෙදු අඩවි ගණනාවකි.ඉන් අදහස් වන්නේ බහුතරයක් ජනයා වෙත තරඟයට මෙන් කුණු රසය බෙදා ලාභෙට ගොඩයන්නට සිතිමය. එහි ඇති මාධ්‍ය මෙහෙවරක් නම් අප කිසිසේත් නොදකිමු.
http://www.gossiplankaoriginal.com මේ ඉරණමට ගොදුරුව කුණු විකුණා ගොඩ යා ගත නොහැකි වු ගොසිප් අඩවියකි.
මේ අයගේ alexa rates විමසු විට එය වැටහේ.
පසුගිය දිනක මේ ගොසිප් අඩවිය මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන්  සියළු සිමාවන් තුල පවා අරගලයක නිරත ලක්බිම දිනපතා පුවත් පතේ කතෘ සමන් වගආරච්චි මහතාව විචේනයට ලක් කර තිබේ.
අපට මේ ගොසිප් කාරයන්ගෙන් අසන්නට ඇත්තේ ඉතා සරල ප්‍රශ්නයකි. පවතින සියළු සිමාවන් තුල සමන්ලා තවදුරටත් උත්සාහ කරන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලයක නියැලෙන්නටය.
එය ජෝක් කරමින් අනුන්ගේ කුණු සොයා බඩ වියත රැකගන්නට පමණක් අරගල කරන්න ගොසිස්කාරයන්ට සමන් ලා පිළිබදව ප්‍රශ්ණයක් හෝ නගන්නට ඇති අයිතිය කුමක්ද ?
ඒවන් අයිතියක් ඇත්තේ  මාධ්‍ය නිදහස හෝ විශේෂයෙන්ම වෙබ් නිදහස අරඹයා කිසියම් හෝ උත්සාහයක් ගනු ලබන අයට මිස අන් කිසිවෙකුටවත් නොවේ.
.