( 7.00 am ) පුනරුද ආණ්ඩුවට මේ වන විට බරපතල චෝදනා රැසක් එල්ලවෙමින් තිබේ.ඒ ඔවුන් විසින් කරනවා යැයි කියා මැතිවරණ වේදිකාවල් දුන් පොරොන්දු එකින් එක කඩකරිමින් සිටින නිසාවෙනි.
මෙහිදි අවධානයට යොමුකළ යුතුම කරුණු දෙකක් වේ. එනම් ත්රස්ත පණත අහෝසි කිරිම සහ මාර්ගගත ආරක්ෂණ පණතේ සංශෝධනය එක් කිරිමට සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දෙන ලද පොරොන්දු ගැන නැවත වටයකින් සංවාදයක් සාමජ ගත වෙමින් තිබේ.
ජාතිවාදය පැතිරවිමට උඩ ගෙඩි දිම මෙන්ම දුෂ්තොරතුරු සමාජ ගත කිරිම සැබැවින්ම පාලනය කළ යුතුව තිබේ.
එය භායනකි දෙයකි.
එහෙත් එය කරන අන්දම ගැන සම්න්ධයෙන් රජය දෙවරක් සිතිය යුතුව තිබේ.
කෙසේ වෙතත් අප අමතක නොකළ යුතු දෙයක් ඇත. රජය අලුත් වුවද පොලිසිය ඇතුල රාජ්ය ආයතන වල නිලධාරින් දශක ගණනාවක් තුල රාජපක්ෂලා සහ රනිල්ගේ රාජ්ය පාලනයක සිටි අයවලුන් ලෙසිනි.
මෙසේ සිතන්නට සිදුව ඇත්තේ නිරන්තරයෙන්ම ජාතිවාදි මත සමාජ කළ රාජපක්ෂල වාදියෙකු වු ජසසුමන නැමැත්තා අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති ආකාරය ගැනය.
මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මෙසේ සටහන් තබා ඇත.
ඊට පස්සේ පාන්දර 3.37ට 119ට කතා කෙරුව එකෙන් බොරලැස්ගමුව පොලීසියේන් ඇවිත් කෝල් කරාම කැලුම් දොර ඇරියා
එතකොටත් පාන්දර 1.26 ඉදන් බෙල් කෙරුව අයත් ඉන්නවා ඒ අය වෙන කවුරුත් නෙමෙයි ඊයේ කැලුම් හර්ශනව හොයාගෙන ආපු අයමයි.
අද හය දෙනෙක් ඇවිත් හිටියා කැලුම්ට කිව්වා ලෑස්ති වෙලා එන්න ප්රශ්න කිරීම් වගයක් කරන්න තියෙනවා කියල
පාන්දර 1.26 ඇවිත් අරන් යන්න පුදුම නිතියක්
උපුටා ගැනිම අවසන්
මේක නම් එහෙම පිටින්ම රාජපක්ෂලාගේ කාලයේ වැනි ගොන්පාට් එකක් ලෙසින් තේරුම් ගැනිමට පුරුදයට තවත් කොච්චර කාලයක් යයිදැයි ප්රගතිශිලින් බලා සිටිති
අපට සිටි කිර්තිමත් රාජ්ය නිළදරයෙකුගේ ෆේස්බුක් පිටුවේ වු පෝස්ටුකින් මෙම සටහන අවසන් කිරිම යෙහෙකැයි සිතේ .