අනුරාධපුර මෙතොදිස්ත දෙව්මැදුරට පහර දුන්නේ පොහොට්ටුවේ කල්ලියක් ?

0
161

්හර්ෂගේ ප්‍රකාශය(12.20 PM )දෙවන සංස්කරණය  පසුගිය ගෝබ් ඉරුදින අනුරාධපුරයේ මෙතෝදිස්ත දෙව්මැදුරට කිසියම් කල්ලියක් විසින ප්‍රහාරයක් එල්ල කර  තිබුණි. මේ පිළිබදව නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක කරන්නට යැයි  ආසිරි බිෂෝප්වරයා ඇතුළු කිපදෙනෙකුම අදාල බලධාරින් ඉල්ලා සිටියේය.
මේ අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමති හර්ෂ ද සිල්වා කියා සිටින්නේ මේ ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ පොහොට්ටුවේ අනුරාධපුර නාගරික මන්ත්‍රිවරයෙකු වන නලින් සිරිවර්ධන නැමැත්තා බවය.
ගෝඨභය රාජපක්ෂ විසින් ආසිරි බිෂොප් තුමාට කථාකොට පොහොට්ටුවේ කිසිවෙකුත් මේ ප්‍රහාරයට සම්බන්ධ නැතැයි කියා සිටියද හර්ෂ ද සිල්වා ඇමතිවරයා අවධාරණය කර සිටින්නේ මේ ප්‍රහාරය පිටුපස පොහොට්ටුව සිටින බවය.
මෙම ප්‍රහාරය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආසිරි  බිෂොප්තුමා කියා තිබුනේ මේ පිරිස ගොබ් ඉරුදින දේව මෙහෙය පැවැත්වෙන අතර තුර එයට බාධා කරමින් විනාඩි 45 ක පමණ කාලයක දෙව්මැදුරට ගල් ගසමින් කෑ ගසමින් රතිඤ්ඤා දමමින් ක්‍රියාකළ බවය. එමෙන්ම දෙව්මැදුරේ ගේට්ටුව පවා පිටිත් අගුලු දමන්නටද මේ මැරයන් ක්‍රියාකාර තිබුණි.බිෂොප්තුමා පැමිණ මේ තරුණයක් සුභ අලුත් අවුරුද්දක් යැයි කියමින් සුබ පතද්දි බිෂොප්තුමාට උසුලු විසුලි කරන්නට තරම් මේ මැරයෝ අමන වි ඇත.
එහෙත් සුපුරුදු පරිද්දෙන්ම මේ අමන මැරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසිය කඩිනමින් ක්‍රියාත්මකව තිබුනේද නැත.
මේ ප්‍රහාරයට විරෝධය පළකරමින් අද කොළඹදි නිහඩ විරෝධතාවයක්ද පැවැත්විමට නියමිතව තිබේ.
Bishop Asiri