අනුර කුමාර දිසානායකට සමන්තුරේ ජනතා රැලියේදී උණුසුම් ජනතා ප්‍රතිචාර

0
316

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දිනවන ජන රැලි මාලාවේ තවත් ජනතා රැලියක් අද (24) පස්වරුවේ සමන්තුරේදී පැවැත්විණි.

එහිදී අනුර දිසානායක මහතාට ප්‍රදේශයේ ජන නායකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද සහභාගී ව තිබිණි.

එම ජනතා රැලියේදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් නායක වසන්ත පියතිස්ස මහතා ඇතුළු පිරිසක්ද ජනතාව ඇමතූහ
lankatruth.com