අනුර කුමාර ලංසත් එක්ක පාර්ලිමේන්තුවේදි දාපු ”කුඩු ෂොට්” ඔට්ටුව…..

0
150

අනුරගේ අනෙකා බවට දැන් ලංසා පත්ව ඇති සෙයකි. පසුගිය අවස්ථා කිපයදිම රාජ්‍ය ඇමති නිමල් ලංසා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමගින් පැටලි ගෙන ගොස් තිබුණි.
සැබැවින්ම අද දිනයේ පාර්ලිමේන්තුවේදි සිදුව තිබුන ඉලක්කමක වෙනසක් අල්ලා ගෙන රාජ්‍ය ඇමති නිමල් ලංසා යළිත් වරක් පාස්කු ප්‍රහාරය හිඟන්නාගේ තුවාලය කරගනිමින් බෙරිහන් දෙන්නට පටන් ගෙන තිබුණි.
කථාව මැද්දේ අනුර කුමාරට ඔට්ටුවක් දාමුදැයි ( ලංසාගේ පියාගේ අභාෂයෙන් පැමිණි එකක් විය යුතුය) කියා සිටි අවස්ථාවේදි අනුර කුමාර විසින් කදිම පිළිතුරක් දි තිබුණි.
එනම් නිමල් ලංසා සමඟින් දමන්නට වන්නේ ඔට්ටුව කුඩු ෂොට් එකකට තමයි කියාය.
රාජ්‍ය ඇමතිවරයා විසින් පාස්කු ප්‍රහාරය අරඹයා පාර්ලිමේන්තුවේදි බේරිහන්න දුන්නද මිගමුවේ බුද්ධිමත් ජනයා ඔහුගෙන් අසන ප්‍රශ්ණ  කිපයක් තිබේ.ලංසා

1.රාජ්‍ය ඇමති නිමල් ලංසා පාර්ලිමේන්තුවේදි පාස්කු ප්‍රහාරයට එරෙහිව එදා සිටම දැවැන්ත විරෝධයක් නිරන්තරයෙන්ම මතු කරමින් සිටි රිෂාඩ් බදුර්දින්ගේ සහය සිය  සහෝදරයාව නගරාධිපති පුටුවේ වාඩිකරවිම සදහා ලබාගත්තේ ඇයි ?

2.මෙවර 20 සම්මත කරගැනිම සදහා බැසිල් රාජපක්ෂ වෙනුවෙන් රිෂාඩ් සමගින් එක්ව ඔහුගේ මන්ත්‍රි සගයන්ගේ ඡන්දය ගැනිමට නිමල් ලංසා පසුගිය දිනවල කටයුතු කලේ නැද්ද ? පාස්කු ප්‍රහාරයට රිෂාඩ් පලුහැරපු ලංසාලාට රිෂාඩ්ගේ මන්ත්‍රි ගෝලයන් හොඳ වුනේ කෙසේද ?

3.පාස්කු ප්‍රහාරය පිළිබදව මන්ත්‍රිවරුන් 225 දෙනාටම කල් ඇතිවම බුද්ධි අංශ විසින් දැනුම් දි තිබියදි නිමල් ලංසා එය නොදැන සිටියේද ? එසේ නම් කටුවාපිටියේ ජනතාව බේරාගැනිමට ඔහු කළ කටයුතු නොකළේ මන්ද ?

4. නිමල් ලංසාද පසුගිය රජයේ ඇමතිවරයෙකුව  සිටියේය. ඔහු වැරදි කර නැතැයි කියන්නට අනුර කුමාර ගෙන ආ තර්කය වුයේ යහපාලනය ඒ ගැන කටයුතු නොකිරිමේන් තමන්ගේ නිර්දෝෂය භාවය ඔප්පු වුනා වැනි  අති බොළද කථාවකි.
සැබැවින්ම ලංසා මහින්දට සිග්නල් දමා මැතිරණ පරාජයෙන් පසු සිරිසේන දෙසට හැරි  ශ්‍රිලනිප සභාපතිට ජයවේවා කියා පොස්ටර් ඇලෙව්වේම ඔහුට එරෙහිව ඇති අනුර කුමාර නිතරම කියන ඒ චෝදනාවලින් ගැලවිමට යැයි ඇත්තටම නොදන්නේ කව්ද ?නිමල් ලංසා හිතන්නේ යහපාලනය විසින් අල්ලපු නැති හොරු සේරම සුදනන් බවය.