අනුර ගේ ආණ්ඩුව පළමුව කාන්තාව සමග බලය බෙදාගනියි – හරිනි අගමැතිකමට

0
62

  අභිනවයෙන් පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී  අද (24 ) පස්වරුවේදී  රටේ   අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්්‍ය  හරිනි අමරසූරිය දිවුරුම් දෙන ලදී. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ මාධ්‍යෙය් සහ සමාජයේ විවිධ කතාබහල් පැතිර ගිය අතර ජාතික ජන බලවේගයට ඡන්දය දුන්  පොදු ජනතාව  තුළ එවන්   බලාපොරොත්තුවක් තිබුණ බවද පෙනී ගියේය. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පත්වූ අගමැතිවරියන් පවුල් දේශපාලනය තුළින් බලයට පැමිණි කාන්තාවන්වේ. හරිනි අමරසූරිය සිය දේශපාලන ප්‍රතිපත්ති සහ භාවිතාව තුළින් නායකත්වයට පැමිණි කාන්තාවකි.  කෙසේ වෙතත් පසුගිය පාලන කාලයන් තුළදී තිබුණ බල හවුල් සහ පොරකෑමට අනුව කාන්තාවන්ට දේශපාලනයට ප්‍රෙව්ශවීමට පවා අවස්ථාව අහිමිව තිබුණි. 25% ක අවස්තාවත් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළදීය. හරිනි අමරසූරිය මේ රටේ තුන්වන අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක්වන්නීය.  මෙම තීරණය රටේ කාන්තාවන්ට  කරන ලද සමානාත්මක සැලකීමක් මෙන්ම කාන්තාවන්ට දක්වන ලද ගෞරවයක් ලෙස සැලකිය හැකිය.