අනේ අපොයි දින 100 යේ සත්තු වත්ත ?????

0
506

පින්නවල සත්තු වත්ත ගැන දනටමත් සිදුකර ඇති ප්‍රචාරණයන් හේතු කොට ගෙන එහි බොහෝ දේ ඇති යැයි සිතා ගත් අය  ඒ සුන්දරත්වය නැරඹිම සදහා දිනපතා දහස් ගණනින් ඒ කරා ඇදෙති.
.එහෙත් ඒ බොහොමයක් දෙනා ඉන් පිටතට යන්නේ මහත්වු කළකිරිමෙනි.
එයට හේතු බොහෝය.

අකෘතිමය වශයෙන් මෙහි සැකැස්ම හොදය .එ අනුව එය සංවර්ධනය කිරිමට වැඩි විභවයක් ඇති බව ද පෙනේ.
එහෙත් ගැටළුව වන්නේ කිසිදු මුලික පහසුකම් සහ නරඹන්නාට සාධාරණයක් වන අයුරින් සකස්ව නැති පසුබිමකදි කඩිමුඩියේ මෙය විවෘත කිරිම නිසා මේ කරා පැමිණෙන දහස් ගණන් ජනයාගේ බරපතල විවේචනයකට ලක්වෙමින් තිබේ.
මේ නිසාම දෝ එහි ටයි පැලද සිටින නිළධාරින් යැයි සිතිය හැකි අයෙක් තම දෙවන සේවකයෙකු හට කියා සිටියේ සත්තු වත්තේ වැඩිය සතුන් නැතැයි එන නරඹන්නන් හට කියනා ලෙසය.

කෙසේ වෙතත් පහත කරුණු ගැන අදාල පරිපාලනය විසින් ඉක්මනින් අවධානය යොමු කළ යුතුව තිබේ.

1.සත්තු වත්තේ නැත්තෙද සතුන්ය .
මුවන් කිපදෙනෙකු කොටි තිදෙනෙකු හැරෙන්නට වෙනත් විශේෂයක් එහි නැත

2.නරඹන්නාට මගපෙන්වන නිසි සංඥාා පුවරු පිළිවෙලක් එහි නැත
අවම තරමින් එහි යන නරඹන්නාට නැරඹිය හැකි සතුන් කිපදෙනා හෝ ඉන්නා ඉසව් ගැන මගපෙන්විමක් කිරිම සදහා පුවරු සවිකිරිමක් කළ යුතුව තිබුනද එවැන්නක් එහි දක්නට නැත.ඇති එකම පුවරුව පවා මග සොයන්නාට පැහිදිලි වන අයුරින් සකසා නැත

3.වැසිකිලි විහිළුව  සත්තුවත්තට ඇතුළු වන තැන පිවිසුම් දොරටුව අසල පිහිටා ඇති පිරිමි වැසිකිලිය එහි ජනයාට ප්‍රමාණවත් නැතිවා සේම එහි ඉදිකර ඇති මුත්‍රා පොච්චි දෙකකද සවිකර පැත්ත සහ අලෝකයට දැඩි සේ නිරාවරණය වි තිබිම නිසා බොහෝ දෙනෙකු තම අවශ්‍යතාවය ඉටුකර ගැනිම සදහා වැසිකිලිය තුලටම යාමට බලති.
එහි ඇති අනෙක් කරුණ වන්නේ වැසිකිලයේ වම් පසින් අලංකරණය සදහා විශාල ඉඩක් වෙන්ව තිබිමයි. එය හොදය.එහෙත් වැසිකිලියට පැමිණෙන්නාට අවැසි වන්නේ ඉක්මනින් තමන් පැමිණි කාරිය කරගෙන එලියට එන්නටය.
4.අයකිරිම් පිළිබද නොසතුට
නරඹන්නට තරම් දෙයක් නැතත් වැඩිහිටියෙකුට රු 100 ක් ගෙවන්නට සිදුව තිබේ.එමෙන්ම විදේශියකු හට රු 1000 ක් ගෙවිය යුතුව තිබේ.
නරඹන්නට සතුන්ද නැතිව රු 1000 ක් ගෙවන්නට වන විදේශිකයාට ඇතිවන්නේ කිනම් හැගිමක්ද ?
126

නිසි ලෙස නොපෙන පුවරුව
නිසි ලෙස නොපෙන පුවරුව

10

වැසිකිලි පෝචිචිය
වැසිකිලි පෝචිචිය
වැසිකිලි එළිමහන
වැසිකිලි එළිමහන

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here