අපගේ මතකයන් තුල ඇය තවමත් ජීවමානය…

0
115

සුනිලා දැන් අපෙන් සමුගෙනය.
ස්ත්‍රිවාදි සමාජ දේශපාලනයේ ලාංකිය ලකුණ සටහන් කළ ඇය ජගත් මානව හිමිකම් ක්ෂේත්‍රය තුල කිරුළු පැළැන්දේ ඇය විසින් ඉටුකළ ඒ යුග මෙහෙවර වෙනුවෙනි.
ඇය පිළිබදව මා සතුව මෑත ඉතිහාසයේ සුන්දරම මතකය පවතින්නේ 2011 වසරේදි ජිනිවා හි මානව හිමිකම් සමුළුවට පැමිණ සිටියදි ගත කරන්නට ලැබුන දින කිපයයි.
ඇය මහත් සේ රෝගාතුර විමෙන් පසුව ලංකාවට පැමිණ සිටියදි මිට මාසකට පමණ ඉහත  අප සැම අවසන් වරට හමුවුයේ ද මානව හිමිකම් පිළිබද පැවති සාකච්ජාවක් අතරතුරදිය.
ඒ, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබදව මහ කොමසාරිස්තුමියගේ පැමිණිම වෙනුවෙන් වු අපගේ සුදානම පිළිබදවය.
ඇය එවිට බරපතල ලෙසින් ශාරිරිකව දුබලව සිටියද ඇගේ හඩෙහි වු ජවසම්පන්නභාවයත්, මානව හිමිකම් පිළිබද උපාය මාර්ග සම්බන්ධයෙන් වූ  අැෙග් හසල අත්දැකිම කෙතරම් තියුණුදැයි අප එදිනද අත්දුටිමු.
ෛවද්‍ය විද්‍යාවටද උත්තර නොමැති පිළිකාවක් විසින් ඇයව  අපගෙන් උදුරාගෙන තිබුනද අපගේ මතකයන් තුල අැය තවමත් ජීවමානය.

සුනිලා ජගත් සම්මානයකින් පිදුම් ලැබ ලංකාවට පැමිණි මොහොතක ඇයගේ සමිපතයන් සුළු පිරිසක් කටුනායක ගුවන් තොටට පැමිණ සිටිම සටහන් වු එකම කැමරා කාචසටහනත් ,ඇය සිරසේ කිංග්සිලි රත්නායකට එක්තරා දිනක කි කෙලින් කථාව  ගැනත් , අප තුල යළි යළිත් උපන් ආදරයත් අන් අය හා යළිත් බෙදාගන්නෙමු.sunilasunila1

සුනිලා  කී කෙලින් කතාව

ගැහැණුකම විකුණන,
චැනල් වල
ස්ත්‍රීවාදෙටත්
තැනක් ඇත
ඒක මුල්ලක,

නේක ගැහැණුන් මවන
මඩ ගහන යන්තර වල
සිර වු මන්තර
එකම තැන
හෝද හෝදා
මඩේ ඔබන වාදයේ  දී
නුඹ
කියාදුන් ෙද්
නිවන් යන්නටත්
හොදොටෝම ඇතියි
අක්කේ ………………

සඳක් නම්
ලංවී බලනු මැන
පෙනෙන  දෙය
නොවේමැයි
දැනෙනුයේ….

දුබලකමට   පිටුපා
කටු   ඇනෙන
ඝනදුරේ
නුඹ  ගිය ගමන්
බොහෝ  දුර  බව
හැඟුනා…..

දහවෙලහි
අඳුර ද
අදුරෙහි  …  දහවලද
සඟවා  අැති
ජීවිතේ  ලග,
ගැහැණුකම  ගැන
මායිම්
සොයා  යති
ගිරවුන්,
වචන  මතින්…

එබදු දේශයක දී………,
දිගක්  පළලක්   අහිමි
ස්ත්‍රී  ආත්මයක
හිමිකාරියකි
‘නුඹ …’

ආදරේ හිතෙන …..

කුමාරි ප්‍රනාන්දු