”අපට දැල් එපා……. තෙල් දියල්ලා”

0
64

10

2014 ජනවාරි 31 නි.ඇමති සරත් ගුණරත්න සහනාධාර ලබාදෙන බව ධීවරයන්ට පොරොන්දු විය

උතුරේ සහ දකුණේ ධීවර නායකයන් පිරිසක් අද  මීගමුවට එක්ව තිබුනේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්ණ පිළිබදව සාකච්ජා කොට සිය ඉල්ලිම් දිනාගැනිම සදහා එකාබද්ධ වැඩපිළිවෙලක් ගොඩනැගිම සදහාය.
විශේෂයෙන්ම මෙහිදි පැමිණි සිටි උතුරේ ධීවර ක්‍රියාකාරින් අවධාරණය කර සිටියේ ඉන්දිය ට්‍රෝලර් යත්‍රා නිසා උතුරේ ධීවරයන් මහත්වු අර්බුදයකට පත්ව සිටින බවය.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සදහා දෙරට එක්ව වැඩපිළිවෙලක් ඇති කරගත්තද ඒ සාකච්ජාවන් දැන් දින දියමයක් නොමැතිව කල් ගොසින්ය.
මේ අතර දකුණේ ධීවර ක්‍රියාකාරින්ගේ ප්‍රධාන අවධානය යොමුව තිබුනේ රජය විසින් ලබාදිමට පොරොන්දුවු තෙල් සහනාධාරය මුල් කරගෙන රජය කරගෙන යන ධීවරයා රැවටිමට එරෙහිව එකාවන්ව පෙළගැසිම පිළිබදවය.
විශේෂයෙන්ම ධීවර ක්‍රියාකාරින් විසින් 2014 ජනාවාරි 31 වන දින මීගමුව කලපුවේදි පැවැති උද්ඝෝෂණයේ අවසන් අවස්ථාවේ පැමිණි ධිවර නි. ඇමති සරත් ගුණරත්න මහතා හිඟ සහනාධාරය ලබාදෙන බවට පොරොන්දුව වු අතර එහෙත් එය ඉටු කළේ නැත.යළිත් පසුගිය පළාත් සභා මැතිවරණ සමයේදිද යළිත් පොරොන්දුව විය.
එයද ඉටුකළේ නැත.
මේ අනුව ”අපට දැල් එපා තෙල් දියල්ලා” යැයි කීම සදහා මෙවර මැයි දිනයදා  එකාබද්ධ විමට තින්දු කරන ලදි
මේ අනුව උතුරේ සහ දකුණේ ධීවර නියෝජිතයන් ඉන්දිය ට්‍රොලර් ප්‍රශ්ණය සහ රජයේ තෙල් සහනාධාර ප්‍රෝඩාවට එරෙහිව 2014 මැයි 1 වනදා නිදහස් වෙළද කලාප සහයෝගිතාව සංවිධානය කරනු ලබන එකාබද්ධ මැයි විරෝධතාවට සහභාගි වනු ඇත.
පෙ.ව 9 ට කටුනායක 18 කණුව  මංසන්ධියේ පැවැත්වෙන විරෝධතාවයෙන් අනතුරුව ඇවරිවත්තේ පොලිසිය ඉදිරිපිටදි සෑම මසකම පළවෙනිදා පවත්වනු ලබන රොෂෙන් චානක සමරුව  පැවැත්විමට නියමිතය.