අපිට හොරෙන් අපි විකුණන නරුමයෝ (දේශපාලුවෝ)

0
172

779bab51d15ec23d67199b68e30936d6(6.40am)
ධනය හා බලය වෙනුවෙන් ඕනෑම බොරුවක්-හොරයක්-පාවාදීමක් කරන්න සූදානම් නීච දේශපාලනඥයින් හඳුනා ගැනීමට හොඳම අවස්ථාවක් ජනතාවට උදාවී ඇත.
ජනතා නියෝජිතයින් වශයෙන් සත පහකටවත් නොවටිනා “කබ්බන්ට” පවා දැං කෝටි 25ක 30 ක මිළක් නියම වී ඇත.
මේ අලෙවි කරන්නේ ජනතාවගේ කැමැත්තයි.
දහස් ගණන් ජනතාවගේ සෝ සුසුම්, සාප ,ලැබ එම මුදල් ගෙන නිවට නියාලුව දෙපා ලෙවකමින් ,දඩාවතේ ගිය බල්ලෙක් පරිද්දෙන් ජීවත්වෙනවාට වඩා “මරණය ” සැපක් යැයි මේ නරුමයන්ට තේරෙන දිනක් ඇතිබව ඉර සඳ මෙන් විශ්වාසය.
“දෑවැද්දට බිරිඳගේ නිවසේ බින්න බැහැපු සැමියා බත්මුලක් හා හුළු අත්තක් සූදානම් කොට තබා ගතයුතු යයි පරණ කියමනක් ඇත.සල්ලි වලට විකි⁣ණෙන දේශපාලුවෝ අලුත් ස්වාමියා ලඟ සිටිය යුත්තේ එබඳු සූදානමකින්ය.
නිදහසට කරුණු ලෙස මොන “බයිලා” කීවත්.මේ යන්නේ මුදල් හා තනතුරු නිසාය.
අනෙක් උන් යන්නේ හිරගෙවල් වල ලැගීමට සිදුවන නඩු වලින් බේරීම සඳහාය.
පහළ උන් බැටලු රංචු මෙන් උන් පසු පස යන්නේ “කටු ලෙව කන්නටය”නැතහොත් “වහල් බව නිසාය”.
වහල්ලුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක්,යුක්තියක්,සාධාරණයක්,අවශ්‍ය නැත. උන් ඒ කිසිවක් දන්නේද නැත.
(වහලුන් නිදහස් කිරීමට කටයුතු කළ ඒබ්‍රහම් ලින්කන් වෙඩි තබා මරා දමන්නේද වහලෙකි.)
ඉහළ උන් ගොඩ ගන්න දඟලන නිදානයට බිල්ලට දෙන්නේද වහලුන් බව මරණ බිය දැනෙන තුරු වහලුන්ට තේරෙන්නේ නැත.
උන්ට වඩා ඒ දුක මානව හිතවාදී හදවත අැති මිනිසුන්ට දැනෙන්නේය.
මේ ඒ වේදනාවේ කඳුලු බිඳකි.


එස්.ඩබ්.වන්නිආරච්චි