අපි තවමත් වතුරේ ! ඔසු උයනත් අනතුරේ ?

0
254

susil pitipana1.jpgමීගමුව, පිටිපන සියඹලා ගහ අසලින් හැරෙන පාරේ මීටර් 300 ක පමණ දුරක් ගියතැන මේ පරිසර වේදියාගේ නිවස පිහිටා ඇත. සුසිල් නම්වූ ඔහු දැනට ජීවත්වන පරිසරය තුළින් හමන සිසිල් වූ මද පවන ගෙන එන්නේ ඔහු වටා ඇති ගහකොල වල ඇති සුවඳත් සමඟය.
එක් අවධියකදී රාජ්‍ය නොවන සංවිධානයක් වන ජනාවබෝධ කේන්ද්‍රයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියාත්මක වූ අතර සුසිල් මහතා ඉන් ඉවත්වූයේ වෙනත් අය මෙන් වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක් කිරීමට නොවේ. ඔහු විසින් විශ්වාස කළ නව ජීවන දහමක් සමඟ ජීවිතය ඇරඹීමටය. ඒ නිසා සුසිල්   මාළු ලෙල්ලම අසල කිරිහලක් ආරම්භ කරන ලදී.  නමුත් ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ පැල වගාව තුළින් ඉදිරිගමනක් කරා යොමුවීමටය. අද එම මගට පිවිසී ඇති ඔහු එහි සාර්ථක පියවරක් තබා ඇත.
එවන් ජාතික වැදගත්කමකින් යුත් කාර්යයකට උරදෙන්නේ තමන් දැනට පදිංචිව සිටින කුලි නිවසේ ඇති කුඩා ඉඩකඩ තුලය.
කලක් තිස්සේ සිය පණ මෙන් රැකබලා ගිනමින් පෝෂණය කර දුර්ලබ ගනයේ බේත් පැලැටි රැසකින් සමන්විත මේ කුඩා ඔසු උයනත් සුසිල් නිවසත් දැන් තර්ජනයකට ලක්ව ඇති බව ඔහු විසින් පසුගියදිනක සිය මුහුණු පොතේ ඉතාමත් සංවේදි සටහනක් තබමින් කියා තිබුණි.
අනෙකා නොසිතා කටයුතු කරන මේ සමාජය පිළිබදව තවත් පැතිකඩක් ඉන් කියැවි තිබේ.
පහත පළවන්නේ ඒ සටහනයි.

අපේ ගෙවත්තට එකතුවන වැසි ජලය මීටර 50-60 ක් අෑතින් වූ කලපුවට , කලින් බැසයන ලදී. එහි කොන්ක්‍රීට් මාර්ගයක් සකසා එහිවූ ජලය බැස යන මාර්ගය ස්ථාන දෙකකින් අවහිර කිරීම නිසා මාසයක පමණ සිට අපිට මේ දේ සිද්ධ වී අැත…
නිලංකා , බෙන්හර් , සමීර , අනුර , කුසුමනී යන අය එම වැසි ජලය කලපුවට යැවීමට ඉඩ නොදෙයි…

දෙවියන් අදහන….
මනුස්සකම් නැති…..
නොමැරෙයි කියා හිතන….
මෙහෙමත් මිනිස්සු……
අද කෝ….
අසල්වාසීන්ට උදව් කරන….
මනුස්සකම් තියෙන….
මිනිස්සු……