අපි දිනපතා භාවිතා කරන ඖෂධ වල අතුරු ආබාධ මෙන්න..

0
630

බොහෝ ඖෂධ වල අතුරු ආබාධ තිබෙනවා.ඒ වගේම එම අතුරු ආබාධ විවිධයි. එහිදීත් වැඩිපුර අතුරු ආබාධ ඇතිවීමට මූලික වන්නේ ඇතැම් රෝග වෙනුවෙන් දීර්ඝකාලීනව ලබා ගන්නා ඖෂධ නිසා බව අපි දන්නවා. නමුත් කෙටි කාලීනව ලබා ගන්නා ඖෂධ වලින් පවා අතුරු ආබාධ හට ගැනීමේ හැකියාව පවතිනවා.එමෙන්ම වරක් ගත් පෙත්තක් හෝ කරලක් නිසාත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් බවයි වෛද්‍ය අදහස.

බහුලවම අතුරු ආබාධ ඇතිවන ඖෂධ වර්ග

  • දියවැඩියා රෝගයට ගන්නා ඖෂධ

med5

මෙහිදී ශරීරයේ සීනි පාලනයට දෙන ඖෂධ නියම මාත්‍රාවට ගත්තත් තමන් ගන්නා කෑම ප්‍රමාණය සහ වෙනත් අසනීප තත්වයන් මත නියම ප්‍රමාණයන්ටත් වඩා සීනි අඩුවීම(Hypoglycemia) සිදුවෙන්න පුළුවන්. ඒ වගේම කෑම අරුචිය,බඩ පුරවා දැමීම, වගේ විවිධ ලක්ෂණත් මෙම ඖෂධ නිසා රෝගීන්ට හටගත හැකි සුළු අතුරු ආබාධ ලෙස දක්වන්න පුළුවන්.

දියවැඩියාව දෙන ඖෂධ නිසා වකුගඩු වල හා අක්මාවේ ආබාධ එන බවට බොහෝ අය තුල වැරදි මතයක් තිබෙනවා. දියවැඩියාව නිසා මේ රෝගයන් ඇතිවෙන්නේ නිසි අයුරින් ඖෂධ ගෙන රෝගය පාලනය නොකිරීමේ ප්‍රථිඵලයක් ලෙස මිස ඖෂධ ගැනීම නිසා නොවෙයි. දියවැඩියාව පාලනයට දෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන්නේ මෙට්ෆොමින්. නමුත් නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා වකුගඩු අක්‍රීය වූ දියවැඩියා රෝගියෙකුට මෙට්ෆොමින් දීම වෛද්‍යවරුන් විසින් නතර කරනවා. එයට හේතුව වන්නේ වකුගඩු අක්‍රීය වීම නිසා එම ඖෂධය ශරීරය තුල එකතු වීම තුලින් රෝගියාට වෙනත් අතුරු ආබාධ හටගැනීමට අවකාශ තිබෙන නිසයි. නමුත් රෝගීන් හිත්න්නේ මෙඩ්ඩර කාලයක් ගත්ත මෙට්ෆොමින් එකපාරම නතර කලේ ඒ ඖෂධයෙන් වකුගඩු අක්‍රීය වීම නිසා කියලයි. නමුත් හේතුව ඒක නෙමෙයි. මෙට්ෆොමින් නිසා වතුගඩු නරක් වීම වෙන්නේ නැහැ.

  • කොලෙස්ට්‍රරෝල් සදහා ගන්නා ඖෂධ

මේවායින යම් යම් අතුරු ආබාධ හටගන්න හැකියාව තිබෙනවා. එකක් තමයි අක්මාවට විය හැකි බලපෑම. ඒ වගේම මස්පිඩු වල වේදනාවන් සහ මස්පිඩු වල දුර්වලතාවයන්ද හටගන්න පුළුවන්. මෙහිදී වෛද්‍යවරයා විසින් එවැනි අතුරු ආබාධ ඇතිවිය හැකි බවට රෝගියා දැනුවත් කරනවා.

ඒ හේතුව නිසා කොලෙස්ට්‍රරෝල් වලට ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර රෝගියාගේ අක්මාවේ යම් දුර්වලතාවයක් තිබෙනවාද කියා පරික්ෂා කර බලනවා. ඒ එවැනි දුර්වලතාවයක් තිබෙනවානම් ඖෂධ මගින් අක්මාවට තයත් බලපෑම් ඇතිවිය හැකි බැවිනුයි. අක්මාවේ ප්‍රශ්ණයක් අැත්නම් ප්‍රථිකාර ආරම්භ කරනවා. ප්‍රතිකාර ගැනීමේදී මාස 3කට හෝ 6කට වරක් අක්මාවේ පරීක්ෂණ සිදුකර බලන්නේ කුමක් හෝ බලපෑමක් ඇතිවී තිබෙනවාද යන්න දැනගන්නටයි.

  • ප්‍රබල වේදනානාශක

NSAIDS යන කෙටි නමින් හදුන්වන කාණ්ඩයට අයත් ප්‍රබල වේදනානාශක (Ibruprofen) නිතර නිතර ගන්නා අයට ආමාශය,ගලනාලය ,බඩවැල්වල අාසාත්මිකතා, තුවාල ආදිය හට ගැනීමටත් , ලේ වමනය යාමටත් හැකියාව තිබෙනවා. මේ කාණඩායට අයත් වේදනානාශක වලින් බොහෝ විටම ආසාත්මිකතා වැනි අතුරු ආබාධ හටගන්නා බව මතක තබාගත යුතුයි.

  • ප්‍රතිජීවක ඖෂධ

ඇන්ටිබයොටික්ස් ලෙස අපි බොහෝ දෙනෙක් හදුන්වන ප්‍රතිජීවක ඖෂධ වලිනුත් අතුරු ආබාධ හටගන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන් සුලභව ඇතිවන්නේ ආසාත්මිකතාවයනුයි. යමුකිසි ප්‍රතිජීවක ඖෂධයක් දින ගණනක් එක දිගටම ගන්නා විට ආහාර මාර්ගයේ ඇති හිතකර බැක්ටීරියා විනාශ වීම නිසා පාචන තත්වයක් ඇතිවීම මීට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. මෙය තාවකලික තත්වයක් වන අතර නැවත එම හිතකර බැකිටීරියා වර්ධනය  වීමෙන් පසු පාචන තත්වය සුවවී යනවා.

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවූ විට දෙන ඖෂධ

මෙම ඖෂධ වල අතුරු ආබාධ ලෙස අක්මාවට සහ ඇටමිදුළුවල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇකිවිය හැකියි. එමනිසා ඖෂධ පයන් ගැනීමට පෙර රෝගියාගේ අක්මාවේ පරීක්ෂණ හා රුධිරයේ සම්පූර්ණ පරීක්ෂණයක් කරන අතර වරින් වර එම පරීක්ෂණ නැවත නැවත සිදුකරනවා.

  • පිළිකා රෝග වලට දෙන ඖෂධ

මෙයිනුත් ඇමිදුළුවල හැදෙන රතුරුධිරානු,රතු රුධිරාණු හා පට්ටිකා අඩුවීම නිසා ආසාදන, ලේ ගැලීම් ආදිය ඇතිවෙන්න පුළුවන්. එයද වෛද්‍යවරුන්ගේ නිතර අධීක්ෂණයට ලක් විය යුතුයි.

  • පැරසිටමෝල් අධි මාත්‍රාවෙන් ගැනීම

විශේෂයෙන් කුඩා චරුවන්ට උණ අඩුවීම සදහා පැය හයකට වරක් පැරසිටමෝල් දෙන ලෙස නියම කල පුස දරුවාගේ උණ නොබැස්සොත් පැය හයක් වීමට පෙර ඊළග ඖෂධ වේල දීමට මව්වරුන් පෙළබෙනවා. මෙයින් දරුවාගේ අක්මාවට බලපෑම් විය හැකියි. ඒ නිසා පැය 6කට පෙර යලිත් උණ ගත්තොත් වෙනත් ක්‍රමයකින් උණ අඩුකිරීම මිස නියමිත වේලාවට කලින් පැරසිටමෝල් යලිත් දීම  සුදුසු නැහැ.

 

යම් ඖෂධයක් ආසාත්මික වුවහොත් එය යලි වෛද්‍යවරුන් විසින් නියම කරන්නේ නැහැ. හේතුව ආසාත්මික ඖෂධයක් යලි ගත්තොත් මුදී ඇති වුණාට වඩා වැඩි අතුරු ප්‍රථිඵල හටගත හැකි නිසයි. ඒ නිසා ඔබට යමු ඖෂධයක් ආසාත්මික්නම් වෛද්‍යවරයා ඔබට ඒ බව සදහන් කර දෙන කාඩ්පත ඔබ ඉන්පුස වෛද්‍යවරයෙකු වෙත යන හැම වතාවකදීම රැගෙන යා යුතුයි. එසේත් නැතිනම් එහි නම මතක තබාගෙන වෛද්‍යවරයාට පැවසිය යුතුයි.

 

වෛද්‍යවරයා සගරාව ඇසුරිණි.