”අපි මීපුරට බය නෑ”- නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා කියයි….

0
42

1මීගමුව මහනගර සභාවේ ඊයේ පැවැති මහ සභා රැස්විමේදි මීපුර වෙබ් අඩවිය ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ගේ දැඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
මහසභා රැස්විම් වලදි බොහෝ විට නගරයේ ප්‍රශ්ණ ගැන වගේ වගක් නැතිව  නිශ්ශබ්ද විලියම් කෙනෙකු සේ සිටින දැන් නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා මහසභා රැස්විම් ඉතිහාසයේ ප්‍රථම වරට ටිකක් සද්දේන් ඊයේ කථා කර තිබේ.
ඒ මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය දිනක දයාන් ලංසා සහ ඔහුගේ පවුල හා සැබැදි පුවත් කිපයක්ම පළකර තිබිම නිසාය.
එහිදි ප්‍රධාන නිමිත්ත වි තිබුනේ මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා විසින් නියෙෝජ්‍ය නගරාධිපති දායන් ලංසා මහතා දිවුරුම් දිමේ උත්සවයේදි මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතා විසින් කරන්නට යෙදුන ප්‍රකාශයක් මුල් කොට මීපුර වෙබ් අඩවියට ලබාදුන් විශේෂ ප්‍රකාශක් මුල්කරගෙනය.
ඊයේ පැවැති මහසභා රැස්විමේදි නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා කියා ඇත්තේ අපි මාධ්‍යවලට බය නැති බවය.මීපුර වෙබ් අඩවිය කොච්චර ගැහැව්වත් අපි බය නෑ යැයි ඔහු කියා තිබුණි.
නියෝජ්‍ය නගරාධිපතිවරයාට අපට කියන්නට ඇත්තේ මාධ්‍යවේදින්ව බයකරගත් කාලයක් රටේ පැවැති බවත් ඒ කාලයේදි දායන් ලංසාගේ සොහොයුරා වන වත්මන් ඇමති නිමල් ලංසා මහතා අපව මරණ බවට තර්ජනය කරමින් බය  කරන්නට උත්සාහ කළ බවත් ඒ යුගය අප දැන් අවසන් කර ඇති බවත්ය.
එබැවින් අපට කියන්නට ඇත්තේ මීගමුවේ හොර මගඩි ගැන මීගමුවේත් රටේත් ජනයා වෙත ඇත්ත නොබියව හෙළිදරව් කරන එකම ප්‍රාදේශිය මාධ්‍ය වන මීපුර අපි අපේ දිගටම අපේ මෙහෙවරේ යෙදෙන බවය.