(3.00 am ) සංගීත් කියන්නේ මීපුර වෙබ් එකත් එක්ක ඉතා කිට්ටු සම්බන්ධකමක් තියෙන හොද මිතුරෙක්.
මීගමුව දූව ග්‍රාමය කරගත්තු සංගීත් මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙක්.
සමාජ වැඩත් ව්‍යාපාරික කටයුතුත් දේශපාලනයත් අතර මනා තුලනයක් පවත්වාගෙන යන්නට උත්සාහ කරන සංගීත් ක්‍රිඩා වලටත් තවත් විනෝද කටයුතු වලටත් උනන්දුවක් දක්වනවා.මුහුණු පොතේ ඉන්න අතලොස්සක් වන නාගරික මන්ත්‍රින් අතුරින් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් .
පහත තියෙන බෙල්ලෝ කථාවත් සංගිත් අනික් අයත් එක්ක බෙදා ගත්ත තවත් රසවත් අත්දැකිමක් .
මීගමුව මූදු සීමාවේ ඇති ගිලුන නැව ලගට සංගීතුයි තවත් තුන්දෙනෙකුයි , බෙල්ලො කඩන්න ගිය ගමන ගැන.
එහෙම අරන් ආපු බෙල්ලො ටික පදමට හදලා…
පොඩිඋන් ටික රහ කර කර කනවා
බෙල්ලෝ කන්න කව්ද අකැමති .
ඒත් හැමෝටම කොහෙන්ද ඒ පින …..
ගොඩක් අයට දකින්න හම්බවෙන්නේ නැති මේ පින්තුර අපි කල්පනා කළේ අපේ පාඨකයොත් එක්කත් බෙදාගන්න .




