.”අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත මේ මහත්තුරු නොදන්න, ඔය මහත්තුරු අපිට ගහල එලවල, ඇත්ත ඒක, ඔය කෙල්ලන්ට අද යකඩ පොල්ලෙන් ගැහුව, ඔය නංගිට ගහනව ද?
අවුරුදු 4ක්, අවුරුදු 4ක් නොකා නොබී අපි ඉගෙන ගන්නෙ, අපේ රිසාල්ට් ඒ 3යි, අපේ රිසාල්ට් ඒ 3යි අපේ Z එක 1ට වඩා තිබ්බා, Z එක 1ට වඩා තිබ්බා, අපිට කැම්පස් නෑ කියන්න දුනෙ නෑ, අපේ රිසාල්ට් එල ඒම පරක්කු කලා, හැම දේම නැති කරලා අන්තිමට තිබ්බෙ එච් එන් ඩී ඒ එක විතරයි අපිට සුදුසුකමකට, ඒකෙන් තමයි ඔය උපාධිය හම්බු වුනේ, ඒ උපාධියත් දැන් නෑ කියල කියනවා. අන්න ඒක අහන්න ආවෙ. දැන් ඔය මහත්තුරුන්ගෙ ඔය තුවක්කු බට වලට, ඔන්න ඔය ඉස්සරහ ගාඩ් කරන් ඉන්වට ගහගන්න ආවෙ නෑ. අපි එහෙම ආවෙ, ඔයගොල්ලො ඔයගොල්ලොන්ගෙ දරුවන්ට ගහන්නෙ නැතිව ඔයගොල්ලො අනිත් අපේ දෙමාපියන්ට ජාතක වෙච්චහින්ද ඔයගොල්ලොන්ට ජාතක නොවෙච්ච හින්ද ගහල එලවන එක සාධාරණ ද?”
සත්‍ය මෙයයි ඔවුන් ඉල්ලන්නේ ඔවුන් ඉගෙන ගැනීමට ඇති අයිතිය පමණයි. ඔවුන් කියා සිටින්නේ දුප්පත් වී ඉපදුනාට දුප්පත් වී මියැදෙන්නට නොහැකි බව පමණයි. එසේ ඉල්ලන ශෂ්‍යයන්ට පොලීසිය යොදා මෙසේ පහර දීම කෙතෙක් දුරට සාධාරණීකරණය කල හැකි ද?
අද මෙතැන සිටින්නේ මොවුන් වූවාට හෙට මෙතැන සිටින්නේ ඔබගේම සහෝදරයා, සහෝදරිය, ඔබගේ අසල් වැසියා ඔබගේ දියණිය, පුතා වීමට නොහැකිද ?
ඡායා- ලංකාදිපය