(1.11pm) පසුගිය 22 දා( සිකුරාදා) සවස 4ත් 5ත් අතර කටාන ප්රදේශයේ නිවසකට බලහත්කාරයෙන් කඩා වැදුනු හතරදෙනෙකුගෙන් සමන්විත කංඩායමක් එහි සිටි ගෙහිමියා බිය වද්දමින් එම නිවසේ වත්තට රැගෙන ගොස් පහර දී ඇත. එසේ පහර දෙමින් නිධානයක් ගැන කියා කෝ නිධානය විතුණා ගත්ත සල්ලි දීපන් කියා තවතවත් පහර දී පසුව අත්වැසුම් පැළඳ එම නිවසේ CCTV කැමරාවේ මැෂින් එකත්, පෝන් දෙකකුත්, අයිපෑඩ් දෙකකුත් රැගෙන මෙම නිවෙස් හිමියා සතුව තිබුනු TOYOTA VOXY වර්ගයේ වාහනයට ඔහුවද නංවා ගනිමින් පලාගොස් ඇත.
එසේ පලාගොස් මෙම මංකොල්ලකරුවෝ නිවෙස් හිමියා ලවා ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා ගෙන ලක්ෂ හතරක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති අතර පසුව මොවුන් නිවෙස් හිමියා අමන්දොළුව ප්රදේශයේ ස්ථානයක දමා ගොස් ඇත. මේ වනවිට එම වෑන්රථය සොයා ගත්බවත්, මෙම කප්පම්කරුවන්ගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු යොදා ඇති බවත් කටාන පොලීසියේ පොලිස් පරීක්ෂක සුදත් නිවුන්හැල්ල මහතා අප සමඟ පැවසීය.