spot_img
spot_img
spot_img
Monday, February 24, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice අපෙේක්ෂකයන්ගේ ස්ටිකර් වහා ගලවා ඉවත් කරන ලෙස නියෝග !

අපෙේක්ෂකයන්ගේ ස්ටිකර් වහා ගලවා ඉවත් කරන ලෙස නියෝග !

0
128
1570170901-Mahinda_lමැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන ආකාරයට පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල අලවා ඇති මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් වහාම ගලවා ඉවත් කිරීමට ක්‍රියාකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.පෞද්ගලික වාහනවල පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් හෝ බැනර් ප්‍රදර්ශනය කරන බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇති බවද, එලෙසින් ස්ටිකර් අලවා තිබීම, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් බවද දේශප්‍රිය මහතා කියා සිටී.එම ස්ටිකර් ගලවා ඉවත්කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක් ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත සහ කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත ද පොලිස් ස්ථානාධිපතිවරුන්ද වෙතද අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද ඒ මහතා පවසයි.

නීතිය කෙසේ වුවද ඒවා ක්‍රියාත්මක කිරිමේදි ඇතැම් පක්ෂග්‍රාහි නිළධාරින් නිසා මැතිවරණ නීතිය පවා වත්මන් පාලනය යටතේ හෑල්ලුවට ලක්ව තිබේ.
විශේෂයෙන්ම මිගමුව වැනි නගරයක් තුල පක්ෂග්‍රාහි රාජ්‍ය නිලධාරින් විසින් නීතිය නමමින් මැතිවරණ නිති උල්ලංඝණය කිරිමට ඉඩපහසුකම් සලසා දි ඇතැයි ද දැනටමත් චෝදනා එල්ලවි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here