අපේ කුරැළු පැටියා

0
449
තුන්වෙනි පාරටත් ලැම්ප් ෂේඩ් එක හොයන් ආපු කුරුළු අම්මා.

 

තුන්වෙනි පාරටත් ලැම්ප් ෂේඩ් එක හොයන් ආපු කුරුළු අම්මා.

අපේ ගෙදරට එන කොණ්ඩ කුරැළු අම්මා 3වැනි පාරටත් කූඩු හදන්න අපේ lamp shade එකට ආවා. ගිය පාර කුරැළු පැටියෙක් කූඩුවෙන් වැටුන නිසාද, මන්දා මේ පාර කූඩුව තරමක් උඩින් වෙන තැනකයි හදලා තියෙන්නේ. ඒක කුරැළු අම්මට කලින් සැරේට වඩා ආරක්ෂිත වෙන්න ඇති.

ඉතින් කලින් සැරවල් වගේම මේ සැරේත් කුරැළු අම්මා කූඩුව හදලා, බිත්තර දාල දැන් මේ වෙනකොට පැටව් බිදලා, පැටවුන්ට කෑමත් ගෙනත් කවනවා. මේ සැරෙත් ඉන්නේ පැටව් දෙන්නයි. බලන්නකෝ, කුරැළු අම්මා අපි රෑට ලයිට් දැම්මත්, කුරැළු කූඩුව උඩට වෙලා පැටව් රකිනවා. අපි කොච්චර ගෙදර ශබ්ද කලත්, ඌ නම් පැටව් දාල යන්නේ නැහැ. ඉතින් ඔය විදියට ඉදලා පැටව් ලොකු උනාම කුරැළු අම්මත් එක්ක ඉගිලිලා යාවි. වෙනදා වගේම මේ සැරේනම් පැටව් බිම වැටෙන එකක් නැහැ. වැටුනත් මම නම් තියා ගන්නෙත් නැහැ.. ආයෙත් කූඩුවෙන් තියනවා කුරැළු අම්මට අරගෙන යන්න. එතකොට උන් සන්තෝෂයෙන් ඉගිලිලා යාවි…..

(මේ සටහනට පාදක වුන කුරුළු අම්මාගේ කලින් සැරේ පැටියෙක් කුඩුවෙන් බිමට වැටුනහම මේ ගෙදර පුංචි පුතා ඒ පැටියව කුරුළු අම්මලට ගෙනියන්න බැරි වුන හින්ද හදාගත්තා.නමුත් දවස් කිපෙකින් මැරුණා මේ පුතා ගොඩාක් දුක් වුණා. )

http://www.meepura.com/citizen-page/%E0%B6%B8%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here