අපේ ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවකට අපේ සහය ඉල්ලුවා. අපි ගියේ ඒ හින්ද, මට ඇමතිකම් ගන්න නෙමේ .-නිමල් ලංසා

0
86

lansa 11පක්ෂයේ සභාපති රටේ ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජාතික ආණ්ඩුවක් හදන්න අපේ සහය ඉල්ලුවා . අපි සහය පළකළා.
එහෙම නැතිව මට ඇමතිකම් ගන්න නෙමේ .
මීපුර වෙබ් අඩවිය අමතා එසේ අදහස් පළ කර සිටියේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තුවට අභිනයෙන් තේරිපත්වු නිමල් ලංසා මහතාය.
අපේ පක්ෂයේ සුළු ජාතිකයෙක් හැටියට වැඩිම මනාප ගත්ත කෙනා තමා යැයිද ඔහු අවධාරණය කර සිටියේය.
මේ රටේ මහජාතිය බෞද්ධයන් වැඩිම මනාප ගත්ත කතෝලිකය මම.ජාතික ආණ්ඩුවකට ගියාම ඇමති කම් අපේ ජේෂ්ඨයන්ට හම්බ වෙයි. අපි කව්ද  අපි පොඩි මිනිස්සු.. යනුවෙන්ද ඔහු තවදුරටත් පවසා සිටියේය.
නිමල් ලංසාට ඇමති කම් ලබාගන්න පක්ෂය තුල ඉඩක් නැතැයි නි.ඇමති රන්ජන් රාමනායක මීපුර වෙබ් අඩවියට පවසා සිටි ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කර සිටියේය.
රංජන් කියන්නේ එජාපයේ කෙනෙක් අපි වැඩකරන්නේ එයාලගෙන් අහල නෙමේ අපේ පක්ෂේ සභාපති තුමා කියන විදියට අපේ පක්ෂේ දේවල් රංජන්ලා දන්නේ නැතැයිද ඔහු අවධාරණය කර සිටියේය.