”අපේ ජාතික ගුවන් සේවය වසංගතය දඩමීමා කරගෙන කල දුටු කල වල ඉහගනිමින් සිටියි ”

0
114

ඉතාලියගෝලීය වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සීමා කිරීම හේතුකොටගෙන ,පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වාම යුරෝපීය රටවල විශේෂයෙන්ම ඉතාලිය ප්‍රංශය වැනි රටවල සිට තම මව්බිමට යාමට නොහැකි ව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දස දහස් ගණනින් ඉමහත් පීඩාවකට පත්ව ඇත.
යුරෝපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් අතරින් එම රටවල පුරවැසිභාවය ලබාගෙන ස්ථිර ලෙස පදිංචි වී සිටින ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සුලුතරයකි.
බහුතරයක් වසරකට වරක් හෝ දෙවරක් නිවාඩු ලබා ලංකාවට යන්නේ තම දෙමව්පියන් දූ දරුවන් බැලීම හා අනෙකුත් තම පෞද්ගලික අවශ්‍යතා  කරන කොට ගෙනවේ.උදාහරන ලෙස ඈත එපිට පොලොන්නරුවේ අනුරාධපුරයේ වෙසෙන්නන් කොලඹ නතරවී තම රැකියාවේ යෙදී සති අන්තයේ හෝ මාසිකව තම ගම් බිම් බලා යන්නා සේය.නමුත් පිටරට සිට සතියකට වරක් යාමට නොහැකි බැවින් ඒ සඳහා වසරකට වරක් වැනි කාලයක් යොදා ගනිති.මේ අයගේ පවුල් වල විවාහ මංගල්ල වැනි උත්සව පවත්වනු ලබන්නේද තම මව්බිමේ වේ.
මේ සඳහා ඔවුන් බොහෝ විට භාවිතා කරන්නේ එමිරේට්ස් ,කටාර්,ඕමාන් වැනි ගුවන් සේවා වේ.ඊට හේතුව නම් ඉතාම සාධාරණ මිල ගනන් යටතේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම ට හැකිවීම හා උසස් මට්ටමේ සේවාවයි.අප රටේ ජාතික ගුවන් සේවය විනාශ කර දමා ඇති බැවින් මෙම ගුවන් සේවා අපට ප්‍රබල පිටුවහලක් විය. මෙම ගෝලීය වසංගතයේ දරුනුතම කාලය මඳක් පහව ගිය පසුව පසුගිය ජුනි මාසයේදී එමිරේට්ස් හා කටාර් ගුවන් සේවා විසින් සම්මත සෞඛ්ය ආරක්ෂක නීති වලට යටත්ව නැවතත් යුරෝපයේ සිට කොලඹට තම ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට සූදානම් වූවද ශ්‍රී ලංකා රජයෙන් ඊට අවසර ලැබී නොමැත.
මෙවැනි තත්වයක් යටතේ පසුගිය සතියේ ඉතාලියේ මිලානෝ සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් අප ශ්‍රමිකයන් 300 ක පමන පිරිසක් ලංකාවට ගෙන්වා ගත් අතර ගුවන් ටිකට් පත හා බලධාරීන් විසින් ඔවුන්ගේ සිතැඟි පරිදි අප පිට පටවන ලද නිරෝධායන හෝටල් ගාස්තුද සහිතව එක් මගියෙක් සඳහා රු.ලක්ෂ 4 කට අධික මුදලක් ගෙවීමට සිදුවිය.මෙය ඉතා අසාධාරණ ,විදෙස් ශ්‍රමිකයන් හට දරා ගැනීමට අසීරු මිලකි.එහෙත් අති විශේෂ අවශ්‍යතා ඇති අය ඊටත් වඩා වැඩි මිලක් ගෙවා හෝ යාමට බලාපොරොත්තුවෙන් සිටින අතර ශ්‍රී ලන්කන් හා එක්ව අනෙකුත් අංශ මේ සිදු කරමින් පවතින්නේ අප ශ්‍රමිකයින්ගේ මානුෂික අවශ්‍යතා උගසට තබා මුදල් ඉපයීමදැයි අපි ප්‍රශ්න කර සිටිමු.
මක්නිසාදයත් මෙතුවක් කලක් පුරාවටම එමිරේට්ස් කටාර් ,ඕමාන් වැනි ගුවන් සේවා රුපියල් ලක්ෂ යකට අඩු මුදලකට අප වෙත යාමට හා ඒමට ගුවන් ටිකට් ලබා දෙමින් මනා සේවාවක් සපයන විට අප දෙස ඇස් හැර නොබැලූ අපේ ජාතික ගුවන් සේවය මෙම වසංගත තත්වය දඩමීමා කරගෙන ,ඉහත අරාබි ගුවන් සේවා වලට තහංචි දමමින් කල දුටු කල වල ඉහ ගන්නා මට්ටමේ ඉතා නින්දිත මුදල් ඉපයීමකට පටන් ගෙන ඇත.

තවද මොවුන් විසින් නිරෝධායනයට යොමු කරවනු ලබන හෝටල් ද ඔවුන්ගේ අතු ඉති විහිදුනු ඔවුන්ට කොමිස් ලැබෙන මාර්ග බව පැවසේ.නොඑසේ නම් මෙවැනි අති විශාල මුදලක් කුමට අයකර ගනීද ? අප විදෙස්ගත ශ්රමිකයන් ඉල්ලා සිටින්නේ මෙතුවක් කල් අප භාවිතා කල එමිරේට්ස් ,කටාර් වැනි ගුවන් සේවා සඳහා නියමිත,විධිමත් සෞඛ්ය ආරක්ෂක නීති යටතේ අපට පහසු මිලට ලංකාවට පැමිනීමටත් නිරෝධායන කටයුතු සඳහා අධික මිලක් වැය නොවන ක්රම සකස් කරන ලෙසයි.එසේ නොවන්නේ නම් මෙය අපගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙස සලකා කටයුතු කිරීමට සිදුවන බවද ඉතා කනගාටුවෙන් දන්වා සිටිමු.


ඉතාලියේ වෙසෙන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here