මීගමුවේ ටෙන්ඩර් පාටිපාටිය යනු එහෙම පිටින්ම ඩීල් ගොඩකි.
වෙරළ උද්‍යානය යනු එහි මර්මස්ථානයයි.
අප විසින් මීට පෙර පුවතින් සදහන් කර සිටි එජාප මන්ත්‍රින් විසින් මුදල් කාරක සභාවේදි කළ පවා දිමක් ගැන වු පුවත සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු කියා සිටියේ ආණ්ඩු පක්ෂය විසින් වසර 3 ක් සදහා වෙරළ උද්‍යාන ටෙන්ඩරය ලබාදිමට තිබුණ සැලැස්මක් ඔවුන් විසින් වසරක කාලයට පමණක් සිමා කරන ලද බවය.
එමෙන්ම එළඹෙන එජාප පාලනයක් යටතේ වෙරළ උද්‍යාන ටෙන්ඩරය මේ අාණ්ඩු පාලන කාලයේදි මෙන් විවෘත බන්දේසියක තබා ඇමති පියවරුන්ට ලබාදිමේ කූට සැලැසුම්වලට කිසිදු ඉඩක් නැතැයිද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.
වසර 3 කට ටෙන්ඩරය ලබාදිමෙන් එජාප පාලනයක් යටතේ පවා එය භුක්තිවිදිමට ඇමති පියාට ලබාදිමට ගිය ඉඩ වසරකට සිමා කිරිම සදහා පමණක් මුදල් කාරක සභාවේදි තමන් ඇතුළු පිරිස නිහඩ වු බවද ඔහු කියා සිටියේය.