අපේ රටේ මාධ්‍ය වලට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පෙන්නේ නැද්ද ?

0
108

sportsඅපේ කණ්ඩායමට සුබපැතුම්..!
මේ හැම ක්‍රීඩකයෙක්ගේම සිහිනය.තමන් ගේ රටේ ජාතික කොඩිය දෙනෝ දාහක් මැද්දේ ලෙලදෙන්න පුළුවන්නම්..මට විශ්වාසයි ඒ හැමෝටම රන් පදක්කමක්,රිදී පදක්කමක් මේ හැම දේකටමත් වැඩිය වටින්නේ මේ මොහොත…අපේ රටේ මාධ්‍ය වලට මේ දවස්වල තියෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පෙන්නේ නෑ.අපේ උන් ගන්න පදක්කම් පෙන්නේ නෑ.තේරුමක් නැතිව සංචාර යන එවුන්ට මේ වෙනුවෙන් මාද්‍යවේදියෙක් යවන්න බෑ…දිනපල්ලා දිනපල්ලා කියන අපි..දිනද්දි උන් දිහා හැරිලාවත් බලන්නේ නැති චාටර් මිනිස්සු ටිකක් වෙලා…අද අපිට තවත් පදක්කම් හතක් ලැබුණා දැනට.ඔක්කොම දැන් පදක්කම් හතලිස් හතයි.අඩු ගානෙ බුකියේ හරි කථා කරමු උන් ගැන.උන්ට දෙන්න පුළුවන් එකම සතුට ඒක තමයි..!
තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය බුදි..!
උන්ට එක එකාගේ ඕපදූප වලට වඩා එකක් නැත….!!!
(උපුටා ගැනිම බුකියෙනි )