අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය!

0
277

stronke wlkDSC00235අද අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ජාතික ආඝාත දිනය සමරමින් බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ  පාගමනක් සහ ඒ සම්බන්ධ විශේෂ වැඩසටහනක් මීගමුවේදි  පැවැත්විනි.stroke wlk 2

‘අදුරු දිවියට – එළිය දහරක්’ යන්න මෙවර ජාතික ආඝාත දිනයේ තේමාව වන අතර, මෙම පාගමන සංවිධානය කොට තිබුනේ මිගමුව ගේට් වේ  ජාත්‍යන්තර පාසල සහ ශ්‍රි ලංකා අඝාත සංගමය විසිනි.  මිීගමුව කඩොල්කැලේ  ක්‍රිඩාංගණයෙන් ආරම්භ වූ මෙම පාගමන මිගමුව නගර මධ්‍යයෙන් ගමන් කළහ.DSC00236

මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  පවසා සිටියේ
……අපේ රටේ බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඉතාම අත්‍යාවශ්‍ය සාධකයක්. අද මෙවැනි පාගමනක් සංවිධානය කරමින් අපේ රටේ ජනතාවට විශාල පණිවිඩයක් ලබාදෙනවා. අද අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි බෝනොවන රෝග. බෝනොවන රෝග අතර හෘද වස්තු රෝග, ආඝාතය, දියවැඩියාව සහ දිගුකල් පවතින ස්වසන මාර්ගයේ ආබාධ පෙන්වා දිය හැකියි. DSC00214stroke wlk5.JPG.JPGDSC00186
මෙයිනුත් ආඝාතය ප්‍රධාන තැනක් ගන්නවා. අද අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානම සාධකය තමයි ආඝාතය. බෝනොවන රෝග වළක්වා ගත හැකියි. ඒ සදහා බලපාන ප්‍රධාන සාධක 03 ක් තිබෙනවා. එකක් තමයි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය කිරීම. විශේෂයෙන්ම මේදය වැඩි, සීනි වැඩි, අධික ලුණූ සහිත ආහාර පරිභෝජනය අපේ සෞඛ්‍යයට අහිත කරයි. දෙවැන්න ව්‍යායාම අඩු බවයි.  අද මේ පාගමනක් සංවිධානය කරමින් ලබාදෙන පණිවිඩයක් තමයි ව්‍යායාමයේ වැදගත්කම. තුන්වන කාරණය තමයි දුම්වැටි සහ මත්පැන් පානය කිරීම. මෙම කරුණු 03 පිළිබඳව අපි අපගේ අවධානය යොමු කරනවා නම් බෝනොවන රෝග අඩු කර ගත හැකි වෙනවා.”

මෙම අවස්ථාවට ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා, ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක
www.lankacnews.com
පින්තූර-එම්.ඉසෙඩ් සහජාන්