අපේ සිස්ටර් අපිට ඕනා ?

0
81

මීගමුව වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් විදුහලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂයාවන්ගේ දෙමාපියන්  සැප්තැම්බර් 16 වනදා   පෙරවරුවේදී විරෝධතාවයක් පවත්වන ලදී.
මෙම විරෝධතාවය පාසල ඉදිරිපිටදී  පැවැත්වූ අතර  ඔවුන්ගේ විරෝධතාවයට හේතුව වී තිබුණේ  පාසලේ විදුහල්පතිනිය වන කන්‍යා සොහොයුරිය පාසලට නොපැමිණීමයි.  අධ්‍යාපන ක්ෂේත්‍රෙය් තොරතුරු අනුව වාර්තා වන පරිදි  විදුහල්පතිනියගේ මෙම නොපැමිණීමට හේතුව පාසල් නිවාඩු කාලයේ සිදුවී සිදුවීමක් සම්බන්ධව ඇති බවයි. පසුගිය අගෝස්තු  24 වනදා පාසල නිවාඩු  දී වසා තිබූ අතර දහම් පාසල් පන්ති පැවැත්වීමට නොහැකි තත්ත්වයක් තිබී ඇත්තේ පාසලේ ගේට්ටුවට ඉබ්බා දමා ඇති බැවිනි. පසුව  මීගමුව කලාප අධ්‍යක්ෂකවරයා  ලවා අදාළ පුද්ගලයන් ඉබ්බා කඩා ඉවත් කර දහම් පාසල් පවත්වා තිබේ. පසුව මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය සිය විරෝධය එදිනම මීගමුව පොලීසියට ගොස් පැමිණිල්ලක් මගින් දක්වා ඇති අතර පාසල් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදුවී ඇත. මේ වනවිට විදුහල්පතිනිය නිවාඩු පිට සිටින බවද දෙමව්පියන්ගෙන් වාර්තා වේ. DSC06658

සමන්ත පීරිස්