අපේ 05ක් පොහොට්ටුවට ගැනීමේ කුමන්ත්‍රණය සැලසුම් කළේ සම සංවිධායකවරයායි- ලලිත් ටෙන්සිල්- ශ්‍රී. ල. නි. ප සංවිධායක

0
114

lalithpress(වීඩියෝ ) අද  (27)   මීගමුව  ශ්‍රී. ල. නි. පක්ෂයේ   ප්‍රධාන  සංවිධායක  ලලිත්   ටෙන්සිල්   මහතා විසින්  මෙවර මීගමුව මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත්වූ   නියෝජිතයින් සහභාගී කරගනිමින්    මාධ්‍ය  සාකච්ඡාවක්   අද  (27) පෙරවරුවේදී   පවත්වන ලදී.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබුණේ  මීගමුව මහ නගර සභා බලය පිහිටුවීම සදහා  ශ්‍රීලංකා   නිදහස්  පාක්ෂිකයින්   5 දෙනෙකු   පොදුජන එක්සත් පෙරමුණට  සහාය  දීම  මත  ඇතිවූ   අර්බුධ  කාරී  වාතාවරණය  පිළිබඳව සිය මතය ප්‍රකාශ කිරීමයි.
මෙය   මංකොල්ලයක්   ලෙස  හැදින්වූ  ලලිත්  මහතා  තමන්  සොයාගෙන    පැමිණි   මේ  කූට  දේශපාලනඥයින්  සහ  ජාවාරම්  කාරයින්   තමාවත්  මුදල්  දී   ගන්නට  කැසකැවූ   ආකාරය  පෙන්වා දෙන ලදී. මේ සඳහා   ප්‍රධාන   තැන  රැගෙන  කටයුතු  කළේ   ශ්‍රි .ල. නි. ප.  යේ  සමසංවිධායකවරයා බවද ඔහු පවසයි.

පොහොට්ටුවට ගිය  සියළු දෙනා   මුදලට  විකිණී  ගිය  නමුත්  තමා  නොසැලී   පක්ෂය  ආරක්ෂා  කළ  බවත්,   මෙම  5දෙනාගේ   ක්‍රියාවලිය   පිළිබඳව  වහාම   ජනාධිපති තුමා සමග  එක්වී  පියවරක්  ගන්නා බවත්  ලලිත්   මහතා  පෙන්වා  දෙන  ලදී.  එදා   ලේවලින්   අත්සන්   කළ  පත්‍රිකාව   පිරිස  ඉදිරියේ  ප්‍රදර්ශණය  කරමින්  දැඩි  ආවේගයකින්   කථාකළ   ඔහු    තමන්  මීගමු  සංවර්ධන  කමිටුවේ  සම සංවිධායක  වරයෙකු  වන  බැවින්  මීගමු  සංවර්ධන  කටයුතු   සදහා   වරම්  ලැබුනේ   මේ  මැතිවරණයටත්  පෙරදී  බවත්  පෙන්වා  දෙන ලදී.   කෙසේ  නමුත්  දූෂිත  පාක්ෂිකයින්  ඉවත්   කිරීමේ  අරගලය   නීතිමය  වශයෙනුත්   ඉක්මනින්   ආරම්භ  කරන  බවද  ලලිත්  මහතා   මාධ්‍යවේදීන්   නැගු   ප්‍රශ්ණ  වලටද  පිළිතුරු  දෙමින්  තවදුරටත්  පැහැදිළි  කරන  ලදී.