අප අතැර යන ඇන්ටන් මිහිදුකුල සොයුරාට…..

0
100

17
බැස පාරට,

ගසා හුයකින්  අතැති  දවුලට..

ගයා  ගීයක්  අමුතු තාලෙට

කැදවා  සෙනඟ

බලා වටපිට

දුවමින්  එහෙ  මෙහෙ

රගමින්  වීදියේ  රංගනය

එදා කළ  දස්කම්

සදා  අමතක නොවේ

ප්‍රිය  සොහොයුර!

නොලබා  සහතික  ගරු සම්මාන.

ලබා අත්පොලසන්  සහ  අවමාන.

නොබා  දුක්ගැහැට  බාධා  නොතකමින-

–  ගියා අත්නොහැර   දිරියෙන්  යන  ගමන.

සිනාවෙන්   මුව සරසා    මනහර-

සභාවේ  දොඩමළුවිය    හරබර

සොයා  විමසා  සොයුරු  කැලගේ  කරදර

බෙදාගත්තා  මතකයි  තම  ගැටළු   අතහැර….

—–ඔබ  සිතේ  ධාරණය  කරගත්  දෑ  තුළින්   නිර්මාණකරණයෙහි  යෙදී   ධාරණ    තුළින්  ගිය  ගමනේ  අවසන   මරණය  නම්වූ  නාටකයෙහි  මියගිය  අයෙකු  සේ  ඇත්තටම  පෙනී  සිටිමින්  අවසන්  ගමන්  ගියද,  මනුෂ්‍යත්වය  පිරි  මිනිසෙකු   ලෙස  සදා  මතකයේ  රැඳී පවතිනු  ඇත.—


සැම්සන් ඥානසිරි