අප ජලය සහ කැලිකසල පිරි දෙනියපාර

0
289

DSC_0107  මීගමුව,  දළුපත,  දෙනියපාර  නම්වූ  අතුරු  පාර  දළුපත  දේවස්ථානය  අසලින්  ආරම්භවී මීටර්  300ක්  පමණ  ගියතැන   y හැඩයේ  හංදියකට  වැටෙයි.එහිදී  වමට  හැරී  යන්නේ නම්  පිල්ලෑව  පාරට  යාමට  හැක. එසේ  නැතිනම් එම  y හංදියේ  අනෙක්  පාරෙන්  මීගමුව  බස් ඩිපෝව පිහිටා  ඇති  ස්ථානයට  යා හැක.    පහත්  බිමක  පිහිටා  ඇති  මෙම  පාර  පසුගිය  දිනවල  කොන්ක්‍රීට්  කළද   නිතර  ජලය  රඳා  පවතින නිසා   ඇල  මාර්ගයක්  සේ  දිස්වෙයි.  මෙම  පාරේ එක්  ස්ථානයක නිතරම  කැලි DSC_0058කසල  සහ ජලය  පිරී  තිබෙනු  දැකිය  හැකිය. පාරේ  පවතින  මෙම   අපිරිසිදු  ස්වභාවය  නිසාම   මෙහි  ගමන් කරන්නෝ  ඉතා  අපහසුවෙන්  ගමන්  කළ  යුතුය.  මන්ද  එක් පැත්තකින්   මෙහි  එකතුවන  කැලිකසල  නිසා  ඇතිවන  දුර්ඝන්ධයයි.  අනෙක්  පැත්තෙන්  ඉහත  සඳහන් කළ  ජලය  සමඟ  වැසිකිළි  අපද්‍රව්‍ය  බැහැර  කිරීමක්   සිදුවන  හෙයින්  ඒවාද  මෙම  ජලයට  මුසුවන  බවත් , ප්‍රදේශවාසීන්  අප  සමග   පැවසීය.  මේ  පිළිබඳ  සත්‍ය  කරුණු   සොයා  බැලීමට  අපි  එහි  ගිය  අවස්ථාවේ    අඩි  25ක්  පමණ   දිගින්  යුතු  බටයක්  දෙනිය   පාරෙහි  ඉහතකී  එක්  ස්ථානයක පාරට  වැටෙන සේ  දමා  තිබින.  මේ  අනුව  පාරේ  ගලාගෙන  යන  ජලයට  මෙකී  බටය  තුළින්  එන  අප  ද්‍රව්‍ය    මුසුවන  බවට  ප්‍රදේශ වාසීන්   පවසන  කරුණෙහි  සත්‍යතාවයක්  ඇති  බව   පෙනින. මේ  පිළිබදව  සමහරු  මෙම  ක්‍රියාව  සාධාරණීකරණය  කරමින්   ඔවුන්  පවසන්නේ  පාරට  කානුවක්  නොමැති  කමත්,  වැසිකිළි  අපද්‍රව්‍ය  බැහැරකිරීමට  තැනක්  නොමැති කමත් මෙවැනි  තත්වයක්  නිර්මාණය වීමට  හේතුවී ඇති  බවයි.  කෙසේ  නමුත්  මෙහි  බලපෑම  අවට  ජීවත්වන  අයට  පමණක්  නොව  මෙම  පාරේ  ගමන්කරන  සියළු  දෙනාටම  අදාලවේ.  ඩෙංගු  වැනි  රෝග  බෝවන  ප්‍රදේශ  අතර   ප්‍රධාන  තැනක්  දළුපතට  දැනටමත්  ලැබී  ඇති  බැවින්, මෙහි  පවතින  මෙකී  තත්වය  වෙනස් කර  ගැනීම  උදෙසා  සියළු  දෙනාම    කැපකිරීමක්  කළ  යුතුය.  එසේම  මේ  පිළිබඳව  අදාල  බලධාරීන්  දැනුවත්  කරමින්  යම්  ක්‍රියා මාර්ගයකට  යොමුවිය  යුතුය.

 

මිනිස්සු   නිතරම  තමන්ගේ   කාරිය  පමණක්  ඉටුකර  ගැනීම  උදෙසා   සතුන්ටත්  අන්ත  ලෙස  කටයුතු  කරන  බව  අපි  දනිමු.   මෙහිදී   දෙනියපාර   තුළින්ද  එය  මනාව  පැහැදිළිවේ. කිසිදු  වගවිභාගයක්  නැතිව තමන්ගේ  අවශ්‍යතාවය  පමණක්  සිතා  වැසිකිළි  බට  පාරට  දන්නේත්,  එකතුවන   කසළ  මෙම ස්ථානයේ  අතහැර  දමා යන්නේත්   එනිසාය. නමුත්  ප්‍රශ්ණය  වන්නේ   කිසිදු  වගකිව  යුත්තෙක්ද    මේ  පිළිබඳව  දැනුවත්  නොවීමයි.  එමෙන්ම    පාර  අවට  වසන  ජනතාව  වුවද  මෙම  තත්වය  දෙස  අවධානය   යොමු  කරන්නේ   ඇල්මැරුණු    ගතියකින්    බව  පෙනේ.  කෙසේ  වුවත්   යම්  හැඟීමක්  ඇති  අයෙකු    අපවෙත  මේ ගැන  දැනුම්දීම  පිළිබඳව   ස්තුති  කළයුතුය.