අම්මේ දැනට මැෂින් නෑ.ඉවර වෙලා කිරිහරකෙක් දෙන්නද ?

0
119

මේ දෙබස අපේ කණ වැකුණේ පසුගිය මැතිවරණ සමයක ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල තරුණ මන්ත්‍රිවරයෙකුගේ නිවසෙහිය.
ඔහු හමුවිමට පැමිණ මහළු මවක් පවසා තමාට හිමි මැෂින් එක තවමත් නොමැති බවය.
පසුව විමසා බැලිමේදි අදාල මන්ත්‍රිවරයා කියා ඇත්තේ ඇයි අම්මේ නගර සභාවට මැෂින් දෙන දවසේ ආවේ නැත්තේ යැයි විමසා ඇත.
අනේ පුතේ මම අසනිප වෙලා උන්නා ඒ මවගේ පිළිතුර විය.
පසුව දේශපාලකයා සිය සේවකයන්ට කියා ඇත්තේ බලන්න මැෂින් තියෙනවද කියල
සේවකයන්ගේ පිලිතුරු වුයේ නෑ සර් යනුවෙනි.
එහෙනම් බලන්න මොනවද තියෙන්නේ කියල..
සර් කිරි හරකෙක් නම් ඉන්නවා
අම්මේ අම්මට කිරිහරකෙක් දෙන්නද
අනේ හොදා පුතේ
කිරිහරකා රැගෙන ගිය පසු අදාල මන්ත්‍රිවරයා එහි සිටි පිරිස දෙස බලා තනියම හිනාවිය.
මේ කිරිහරකව තියාගන්න ඒ මනුස්සයට ගෙයක් ඉඩමක්වත් තියෙනවද දන්නෙ නෑ
ඒ මන්ත්‍රිවරයා අවඥාවෙන් අවසානයට කි කථාවයි.
images