අමුතුතාලේ හොරෙක් ගැන කටුනායකින් පාඩමක් ?

0
80

Thiefemployee-thief_~k2344717මේ ලිපිය ලියන්නේ මෑත කාලීනව සීග්‍රයෙන් ව්‍යාප්ත වන සොරුන්ගේ තර්ජන හා ඔවුන්ගේ සූක්ෂම ක්‍රියාකලාපයන් පිලිබදව ඔබට යම් දැනුමක් ලබාදීමටය

මේ සිද්ධිය සිදුවූයේ කටුනායක නායකපාරේදීය. එලෙසම මෙම සිදුවීම සිදුවන්නේ නායකපාරේ වාසය කරන වියපත් යුවලකටය.

තමන්ගේ පුද්ගලික කටයුත්තක් සදහා කදාන ප්‍රදේශයට ගොස් පැමිණ ඇති මෙම යුවල නැවතත් කටුනායකට පැමිණ ප්‍රදේශයේ දේවස්ථානයටත් ගොඩවී නැවතත් නිවස බලා යමින් සිටියදී ඔවුන් පසුපස පැමිණි පිරිමින් දෙදෙනෙක් ඔවුන්ට කතාකොට ඔවුන්ව නවත්වා කියා ඇත්තේ තමන්ගේ රත්තරන් බඩුවගයක් නැතිවී ඇති බවත් ඒ රත්තරන් බඩු සොරකම් කලේ මේ වියපත් යුවල වන බවට තමන්ට සැක බවත්ය.
එම ප්‍රකාශය අදහාගත නොහැකි වූ යුවල තමන් කිසිදිනක එවැන්නක් නොකල බව දිවුරමින් පවසා ඇත.
එ් අවස්ථාවේ ක්‍රියාත්මක වූ සොරා පවසා ඇත්තේ එසේනම්  තමන් එම සොරකම නොකල බවට වියපත් කාන්තාවගේ කරේ ඇති මාලය ගලවා සොරාගේ අතේ ඇති මාලය මත තබා දිවුරන ලෙසය.
සිදුවූ සිදුවීමෙන් වික්ෂිප්ත වී සිටි මෙම යුවල දෙවරක් නොසිතා තමන්ගේ මාලය ගලවා සොරාගේ අතේ තබා තමන් මාලය නොගත් බව දිවුරා පවසා ඇත.
එවිට ක්‍රියාත්මක වූ සොරුන් දෙදෙනා යුවල විසින් තම අත තැබූ මාලයද රැගෙන වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
යුවලට හොරුන් පසුපස හබා යාමට තරම් ශක්තියක් නොවූ හෙයින් ඔවුන් කර කියාගත කිසිවක් නොමැතිව අසල වූ කඩයේ පුද්ගලයන්ට සිද්ධිය පවසා ඇතත් ඒ වන විටත් සොරුන් දෙදෙනා පලාගිය තැනක් පිලිබද කිසියම් සලකුණක් සෙවීමටවත් ප්‍රමාදවී තිබුණි.

මෙම සිදුවීම දැනගත් පසුව සිද්ධිය සිදුවූ කඩය ඉදිරිපිට ඇති දෙමහල් නිවසේ සවිකර තිබූ CCTV කැමරා දර්ශණ පිරික්සීමට කටයුතු කර ඇති නිවැසියන්ට නිරීක්ෂණය වී ඇත්තේ අදාල සොරකමේ පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු කුඩයක් ඉහලාගෙන සිට ඇති නිසා ඔවුන් දෙදෙනාගෙන් කාගේවත් මුහුණ පැහැදිලිව දැකගත නොහැකි බවයි.
ඒ කියන්නේ ඔවුන් ඒ තරම්ම සුක්ෂම අයුරින් සිය හොරකම සැලසුම් කර ඇති බව නොවේද ?
ඒ අනුව පෙනෙන්නේ ෆුල් ෆේස් හෙල්මට් පමණක් නොව කුඩ පවා තහනම් කරන්නට සිදුවන බව නොවේද ?
මිතිලායා ගමගේ

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here