සාමාන්‍යයෙන් අපට දක්නට නොලැබෙන අන්දමේ අමුතු ජාතියේ බස්සෙක් මිගමුව මහවිදිය පල්ලිය ඉදිරිපිටට පැමිණ තිබියදි එහි ත්‍රිරෝද රථ රියදුරන් විසින් අල්ලාගෙන තිබේ.
කෙසේ වෙතත් මේ බස්සාව බේරාගැනිමටත් පෙර බල්ලෙකු විසින් සපා කැ තිබිම නිසා තුවාලයක් ද විය.
මේ අමුතු තාලයේ බස්සාව වනජිවි අංශයට කඩිනමින් භාර දිම සදහා අදාල ත්‍රිරෝද සංගමයේ සමාජික මහතුන් ආදල බලධාරින් හට කතා කොට තිබුණද පැමිණිමට වාහන නොමැති හේතුවෙන් ගමන පමා වන බව දන්වා තිබුණි..
ඒ පමාව මේ අමුතු බස්සාගේ ජිවිතය බේරාගැනිමට තිබුණ අවස්ථාව උදුරාගෙන තිබුණි.
වනජිවි නිළධාරිංන් පැමිණෙන්නටත් පෙර මිය ගොස් තිබුණි.

මේ අකාරයේම බස්සෙක් 2018 වසරේ ජුනි මාසයේදි කඩොල් කැලේ ප්‍රදේශයෙන්ද හමුව තිබුණි.
පසුව එහි ප්‍රජාපොලිස් ඒකකය වෙත භාර දි තිබුණි.