‘අමෙලී’ වාසනාවන්තයි ..

0
75
අමෙලී

????????????????????????????????????

Amelie

ඊයේ මීගමුව රැජින මාවතේදී නගර සභාවේ කුණු ටැක්ට්‍රරයට යටවී අනතුරට ලක්වූ පුංචි බැල්ලියගේ අයිතකරු තවමත් සොයාගත නොහැකි වූ නිසා අපි එයාට අලුත් නමක් තිබ්බා. ඒ තමයි ‘අමෙලී ‘  (Amelie)
ඊයේ වගේම අදත් ‘අමෙලිට’  මීගමුව නගර සභාවේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරී ලක්ෂ්මන් මහතා පැමිණි ප්‍රතිකාර කළා.
අමෙලී ගේ තුවාලයේ වේදනාව අඩු නැති බව එයාගේ දුක් පාටින් පේනවා. ප්‍රතිකාර ලැබුණ නිසා ඊයේ රෑ එයා කෑ ගැහුවේ නෑ කියලා අල්ලපු ගෙදර අක්කලා කිව්වා.කෑම කන්නේ නැති වුණත් දියර ජාති බොනවා. අවට ඉන්න අක්කලා එයාට වතුර,කිරි දීලා බලාගන්නේ හරිම ආදරෙන්.
මේ අතරේ අමෙලිට වුණ කරදරය ගැන අපි ඊයේ සුනඛ  සුනඛයන් වෙනුවෙන් කැපවෙලා ඉන්න සංවිධාන කීපයකටම දැනුවත් කළා. ඔවුන් ඉතා ඉක්මණින් ප්‍රතිචාර දක්වලා තිබුණා. සුරතල් සතුන්ගේ සංගමය, SOS , E Bark වගේ ආයතන වලින් අමෙලී ගේ සුවදුක් විමසලා අද දුරකථන ඇමතුම් කීපයක් දුන්නා.
E Bark  ක්ලීනික් එකේ වරුණිකා මහත්මිය පොරොන්දු වුණා අමෙලිගේ අයිතිකරුවන් හමුවුණේ නැත්නම් එයාව බලාග්න හොද පවුලක් හොයලා දෙන්නම් කියලා.
දැනට අමෙලි ට සුවය ලැඛෙන කම්  එයාට තාවකාලික ව ලැබිලා තියෙන මේ නිවහන සහ දෙමව්පියන් ඇයව හොදින් බලා ගනීවි.

????????????????????????????????????