මීගමු අයවැයට විරුද්ධ වු නාගරික මන්ත්‍රිලාගෙන් නගරාධිපති දයාන් පළිගනියි ?

0
71

මීගමුව මහනගර සභාව ලංසා පවුලේ බුදයක්දැයි මේ වන විට අයවැයට විරුද්ධවු නාගරික මන්ත්‍රිලා ප්‍රශ්ණ කර සිටිති.
මෙයට හේතුවි ඇත්තේ ලබන වසර සදහා පාසැල් දරුවන් හට ලබාදෙන අභ්‍යාස පොත් අයවැයට එරෙහිවු විපක්ෂ මන්ත්‍රිවරුන්ට නොදෙන බව මුදල් කාරක සභා රැස්විමේදි නගරාධිපති දයාන් ලංසා ප්‍රකාශ කර තිබිමත් සමගය..
අයවැයට එරෙහිවු කිසිදු විපක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට අභ්‍යාස පොත් ලබානොදිය යුතුබවත් එසේ කර අහුවෙන්නට එපා යනුවෙන් නිලධාරින් හටද දයාන් ලංසා මුදල් කාරක සභාවේදි කියා තිබුණි.
මේ නිහින ප්‍රකාශයට විරෝධය පළකරමින් මුදල් කාරක සභාවේ නියෝජනය කරන ජේෂ්ඨ එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වන කැලිසන් ජයකොඩි මහතා මුදල් කාරක සභා රැස්විමෙන් නැගිට ගොස් තිබේ.මහජන මුදල් පුද්ගලික බුදලයක් සේ සලකා අවභාවිත කරන ලංසාගේ මේ එකාධිපති වියරුවට නිසි පිළිතුරු ලබාදිමට විපක්ෂයට සුදානම් බවද නම සදහන් කිරිමට අකැමැති වු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.,
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහජන ඡන්දයෙන් තේරිපත්වු දැන් ලංසා පවුල රකින ඇතැම් එජාප මන්ත්‍රිවරුන්ට දයාන් ලංසා විසින් මේ දිනවල අතදිගහැර තෑගි පිට තෑගි ලබාදෙමින් සිටින බවය.
සැබැවින්ම මේ ජනතා ද්‍රෝහින් හට ඒ ඡන්ද කොට්ටාශවල ජනයා ඉදිරියේදි නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි අවධාරණය කර සිටියේය