අයවැයට සහයදුන් නින්දිතයන්ව ගම්වලින් පැන්නිය යුතුයි !පෙරිමුල්ලේ පුරවැසියෙකුගෙන් ප්‍රබල විරෝධයක් ( විඩියෝ )?

0
119

ජුඩ්

IMG_20200702_174522මීගමුවේ අයවැය එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සහය පළකර තිබිම ගැන පුරවැසියන්ගේ විරෝධයන් මේ වන විට එල්ල විමට පටන් ගෙන තිබේ. මේ අකාරයෙන් ප්‍රබල විරෝධයක් මතුවුයේ පෙරියමුල්ල ඡන්ද කොට්ටාශයෙනි.
එයට එක් ප්‍රධාන හේතුවක් වි තිබුනේ  මිගමුවේ දූෂිත නගර පාලනයට සහය දෙමින් අයවැය විවාදය මගහැරිමට කටයුුතු කළ එජාප ප්‍රබලයෙකු සිටින්නේද පෙරියමුල්ලේ  බැවිනි.
දෛවයේ සරදම වන්නේ එජාප සංවිධායක මෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ තැනැත්තාද ඔහු විම නිසාය
ගිහාන් බෙන්ජමින් නම් ඔහු මිගමු දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පාවාදිමක් සිදුකරන්නට යෙදුන පුද්ගලයෙකු ලෙසින් දැනටමත් ඉතිහාස ගතවි හමාරය.gihan and team
එවන් නින්දිතයන්ව ගම්වලින් පැන්නිය යුතු බවට පෙරියමුල්ල ප්‍රදේශයේ ප්‍රබල සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ජුඩ් ප්‍රනාන්දු මහතා මිපුර වෙබ් අඩවිය වෙත විශේෂය ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයකදි මේ සියළු ජනතාද්‍රෝහින්ව දේශපාලනික වශයෙන් පරාජය කිරිමට දැන් සිටම කටයුතු කිරිම ආරම්භ කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය
මේ ආකාරයෙන් ජනතාවට  එරෙහිව කටයුුතු කරමින් ලංසා පවුලට හයිය දුන් සැමට එරෙහිව මේ විරෝධය පළල් ලෙසින් කොට්ටාශ මට්ටමින් ගෙනයා යුතු බවද ඔහු කියා සිටියේය.