අයහපත් කාලගුණය හේතුවෙන් බහුදින යාත්‍ර 100 ක් ධිවරයන් 700 සමගින් ගොඩබිමට ගෙන්වා ගනියි !

0
75

bad weather on the oceanමුහුදේ පවතින  දැඩි කුණාටු තත්ත්වය  හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේ බහුදින යාත්‍රා 100ක් අද (18) වන විට ආපසු හරවා බේරුවල ධීවර වරායට පැමිණි බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පවසා ඇතැයි අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

ඉකුත් (15) දා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට මෙම නිවේදනය නිකුත් කළ පසු බේරුවල ධීවර වරාය කළමනාකාරිත්වය හා ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ධීවරයන් රැගත් යාත්‍රා ආපසු ගොඩබිමට පැමිණෙන්නැයි කළ ඉල්ලීම මත අද දහවල් වන විට 100 වන යාත්‍රාව බේරුවල වරායට සේන්දු වූ බවත් ඒ මහතා පැවසීය.
මෙම ධිවර යාත්‍රාවල 700  ක පමණ පිරිසක් සිට ඇත.