අයියාගේ අනවසර කඩ මල්ලි කඩාදමා මාධ්‍ය සංදර්ශණ පැවැත්විම !

0
54

railyway shops 2මීගමුව දැන් එහෙම පිටින්ම මාධ්‍ය සංදර්ශණ නගර සභාවක් බවට පත්ව තිබේ.
මෙහි හිනායන කථාව වන්නේ මේ සියලු මාධ්‍ය සංදර්ශණ වලට නිමිති වන සියළු සිදුවිම් පසුගිය නිමල් ලංසා අනසක යටතේ මිගමුව පාලනය වු කාලයේ සිදුකරන ලද අනවසර දැ සියල්ල දායන් ලංසා විසින් විරයාට අදිමින් කඩාදමා මාධ්‍ය සංදර්ශන පැවැත්විම දැන් පුරුද්දක් කොට තිබිමයි.

 

මෙකි තත්වයේ ඇත්ත නොදන්නා බහුතරයක් කල්පනා කරන්නේ දැන් නගරාධිපති නම් මාරයි කියාය.
මීගමුව නගරයේ රාත්‍රි පොළ පවත්වනු ලබන දුම්රිය පළ අසල පාරට යාබදව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භුමියක පසුගිය කාලය තුල වෙළදුන් පිරිසකට කඩහදාගැනිමට යැයි අවසර ලැබෙන්නේම නිමල් ලංසාගේ ආශිර්වාදයෙනි.

මීගමුව රාජපක්ෂ පලල් පාරේ රීගල් සිනමා ශාලාව ආශ්‍රිතව වසර ගනනාවක් වෙළදාම් කටයුතු කල වෙළෙදුන් පසුගිය කාලයේ ඉවත් කරන ලද්දේ එම ස්ථාන වල ඇති බැංකු වැනි ආයතන වලට බාධා ඇති වන බව පවසමිනි.

මීගමුව මහා නගර සභාව විසින් එලෙස එම ස්ථානයෙන් ඉවත් කල එම වෙළදුන් ට තම වෙළදාම් කටයුතු කර ගැනීමට වෙනත් ස්ථානයක් ලබා දෙන බවට පොරොන්දු වු අතර ඒ සදහා ඞී.එස් සේනානායක මාවතේ ( නයිට් බසාර් පාර ) දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් හිස් බිම් කොටසක් මාස 06 කට බදු වශයෙන් ලබාගැනිමට කටයුතු සැලසුම් කර තිබුනේ 2012 වසරේදිය.
බැංකු සහ අනෙකුත්  අවැසිතා සදහා 25 දෙනෙකුට පමණක් තාවකාලික කඩ හැදිමට තිබු අවශ්‍යතාවය පසුව 50 දෙනෙකුද ඉක්මවා ගොස් තිබුණි.


මේ අනුව   ලංසා පාලනයේ නාගරික මන්ත්‍රිවරුන් මේ ගොඩට තවත් වෙළදුන් ඔබා ලොකු ජාවාරමක් කොට මුදල් හම්බකරගත් හැටි අපි මිට කලින් අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කර ඇත්තෙමු.
මේ කඩ ජාවාරමින් යහමින් මුදල් හම්බ කරගත් ඒක අයෙක් වුයේ වත්මන් නියෝජ්‍ය නගරාධිපතිය.
කෙසේ වෙතත් මේ දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමේ කඩ හැදු පිරිස මේ අවස්ථාව ලබාගැනිම සදහා අදාල දේශපාලකයන් වෙත විශාල මුදලක් ගෙවා තිබුණි.
තතු මෙසේව තිබියදි නගර සභාවට කිසිදු අයිතියක් නැති භුමියක පිහිටි වෙළදුන්ගේ කඩා කඩා දැමිමට දැන් වත්මන් නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.
එපමණක් නොව මෙය දැවැන්ත මාධ්‍ය සංදර්ශණයක් බවටද පත්කරගෙන තිබේ.
මේ දැවැන්ත විහිළු සපයන දැ දැන් මිගමුවේ දිනපතාම දකින්නට ලැබේ.
නිමල් ලංසා විසින් විවිධ වාසි තකා අවිධිමත් ලෙස ඉදිකරන්නට ඉඩසලසා දුන් කඩ  දැන් දයාන් ලංසා විසින් මෙසේ කඩා දමා තිබේ.
මීගමුව නගරය තුල වසරේ විහිළුව බවට දැන් මෙය පත්වෙමින් තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර තිබුණ කඩ මීගමුව නගර සභාව විසින් කඩාදමන්නේ කුමන පදනමක් යටතේද යන්න ගැන පුළුල් සංවාදයක් දැන් නගරය තුල මතුව තිබේ.
මෙ කඩකැඩිමේ ඇත්ත හේතුව කරුණු සහිතවම අප ලගදිම හෙළිදරව් කරන්නෙමු.