ලංකාවේ දුෂිතම නගර සභාව බවට අද මිගමුව මහනගර සභාව පත්ව ඇත. මහජන බදු මුදල් එක පවුලක බුදලයක් සේ සලකා අයියා ගේ මනාප මැතිවරණය වෙනුවෙන් මල්ලි දැන් නත්තල් පප්පාට ඇදගෙන තිබේ.
උදෙන්ම නගර සභාවට එන ඡන්දෙට මනාප ඉල්ලන අයියා ඔහු හමුවිමට පැමිණෙන සියළු දෙනාට ලොස් නැතිව විවිධ පොරෝන්දු දෙති.
ලයිට් නම් ලයිට් ,පාරවල් නම් පාරවල්, ක්‍රිඩා පිට්ට්නි නම් ඒවාත් , දවල් සෙල්ලම් කරන්නට අමාරු නම් රැට සෙල්ලම් කිරිමට දැවැන්ත විදුලි අලෝක පවා ලබා දෙති. ඒ සියල්ල සදහා වැය වන්නේ මහජන මුදල්ය.
මේ දැවැන්ත මුදල් මංකොල්ලය දහා පසුගිය මහ සභාවේදි මිගමුව මහනගර සභාවේ තිබුණ රු කෝටි හතාමාරක ස්ථිර තැන්පතුවක්ද නිදහස් කරගත්තේය.
ඒ වෙනුවෙන් දැන් පාරව්ල් හැදිමට කඩිමුඩි සංවර්ධන ව්‍යාපෘති 72 ක්ද දැන් ක්‍රියාත්මකය.
ඒ සියල්ල නත්තල් පප්පාගේ වැඩය .
ඒ මිනිසුන්ගේ එතරම් මනාපයක් නැති අයියා වෙනුවෙන් සල්ලි විසිකර හෝ මනාප ටිකක් එකතු කර දිම සදහාය.
පවුලකට මෙසා බරපතල ආකාරයෙන් මහජන මුදල් මංකොල්ල කැමට නිදහස ලැබි ඇත්තේ දේශපාලන හයියක් නැති පරිණත බවක් නැති කොන්ද පණ නැනි සංවිධායකවරයෙකු මිගමුවට සිටිම නිසාය.
ඒ අනුව අද මිගමු එහෙම පිටින්ම මංකොල්ල කාර පවුලක් අතට පත්කර ලිමේ වගකිම සජිත් පිළෙන් මිගමුවට ඡන්දය ඉල්ලන කාවින්ද ජයවර්ධන භාර ගතයුතුය. එපමණක් නොව ඔහුගේ ගෝල බාල මන්ත්‍රිලා වන් මුදල් කාරක සභාව නියෝජනය කරන කැලිසන් ජයකොඩි මෙන්ම නස්මියාර්ද ඇතුලු ලංසා සරණ යන සැම ඉතා පැහැදිලිව මේ ජනතා මංකොල්ලයට වගකිව යුතුය.