එදා නගරාධිපතිවරයා කියා සිටි මුල්‍ය අර්බුදයේ තරම දැන් හෙළිදරව්වෙමින් තිබේ.
ගෙවිය යුතුව ඇති බිල් වල මුලු වටිනාකම කෝටි 10 කි. බැංකු අයිරාව පමණක් රු කෝටි තුනාමාරක් වේ.
මින් කියැවෙන්නේ මුල්‍ය තත්වයේ බරපතල කමය.
කොවිඩ්වලට මුවා රු කෝටි 7 ක් ඇද්ද නගරාධිපති
මේ පසුබිම තුල මෙතෙක් අත නොතැබු මිගමු මහනගර සභාවේ රු කෝටි හතක ස්ථිර තැන්පතුව අවසන් කොට ඒ මුදල් ගැනිමට අද දයාන් ලංසා විසින් යෙදු උප්පර වැට්ටියට විපක්ෂය අත්ඔසවා අසුව තිබේ.
නගරාධිපති දයාන් ලංසා කොවිඩ් වලට මුවා වි මේ මුදල් මංකොල්ලය සිදුකර තිබේ.
ජවිපෙ පමණක් බදුගෙවන ජනයාගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිමින් නගරාධිපතිගේ මුදල් මංකොල්ලයට එරෙහි වෙයි
ජවිපෙ පමණක් බදු ගෙවන ජනයා පැත්ත ගනිමින් ඊට විරුද්ධව ඡන්දය දි ඇත.
මේ රුපියල් කෝටි 7 න් කරන්නට යන්නේ මොනවාදැයි දැයි දැන් පැහැදිලිය.එහෙත් අවාසනාව නම් විපක්ෂයේ මන්ත්‍රින් අතිබහුතරයකට මේ ගැන කිසිදු නිනව්වක්වත් නොතිබිමය.
රු කෝටි 7 ක් කඩිමුඩිවේ අදින්නේ අන් කිසිවකටවත් නොව නිමල් ලංසාගේ මැතිවරණ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙනි.ඒ ලයිස්තුව ගෙන බලන කල ඒ එකක්වත් කඩිමුඩියේ ස්ථිර තැන්පත් මුදල් ඇද සිදුකළයුතු ඒවා නොවේ.
විපක්ෂයේ මන්ත්‍රිවරුන් අද මේ ගැන ප්‍රශ්ණ කළයුතුව තිබුණි.
ගිහාන් බෙන්ජමින්ලා මෙන්ම රවිලාද නිහඩය
එහෙත් එජාපයේ ඡන්ද අපෙක්ෂක ගිහාන් බෙන්ජමින් හෝ කාවින්ද පිලේ රවිලා හෝ මේ ගැන අද මීක් කියා තිබුනේ නැත.
මේ අනුව කඩිමුඩියේ සංවර්ධන ව්‍යාපෘති 72 ක් ආවරණ අනුමැතියට යටත්ව කොන්ක්‍රිට් චමින්ද විසින් මේ මැතිවරණ කාලය තුල ආරම්භ කරනු ඇත.ඒ හැම උදෑසනකම මිගමුව මහනගර සභා කාර්යාලයට එන නිමල් ලංසා විසින් සිය ආධාරකරුවන් හට ලබාදි ඇති සංවර්ධන පොරෝන්දු ඉටුකරනු පිණිසය.
මරණයකට රුපියල් 5000 ක් ගෙවා ගන්නට බැරි නගරාධිතිවරයා මේ කඩිමුඩියේ පාරවල් ද ඇතුළු සංවර්ධන ව්‍යාපෘති 72 ක් ක්‍රියාත්මක කරන්නට යන්නේ නිමල් ලංසාගේ මැතිවරණ මනාප වෙනුවෙන් බව දැන් ඉතා පැහැදිලිය.මෙය තේරුම් ගැනිම නොහැකි විපක්ෂ මන්ත්‍රිලා යනු සැබැවින්ම බබාලාය.
පරිපාලන සේවයම ගද ගස්සන තුන්වෙනි පංතියේ කොමසාරිස් නෝනා
දයාන් ලංසාටත් 35 % ක කොමිස් එකක්
පරිපාලන සේවයටම නිගා කරන තුන්වෙනි පංතියේ මිගමුව නාගරික කොමසාරිස්වරිය මේ මුල්‍ය අර්බුදයක් මැද දැනට අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති 72 ක් වෙනුවෙන් අනුමැතිය දුන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන්නට ජවිපෙ හැර විපක්ෂයේ කව්රුත් නැති ගානය.
මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම තුලින් 35% ගතමනාවක්ද නගරාධිපති දයාන් ලංසාට ලැබිමට නියමිත බව ප්‍රසිද්ධ රහස්‍ය.
පහත ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 72 ක ඉතා සරලව නිරික්ෂණය කිරිමෙන් පැහැදිලි වන්නේ නිමල් ලංසා ගේ මනාප සටන වෙනුවෙන් සැකසු ව්‍යාපෘති බවය.