අරක්කු ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් හා සුරාබදු නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක්

0
127

[1.25am) මීගමුව සුරාබදු කාර්යාලයේ  නිලධාරීන් පිරිසක් හා අරක්කු ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අතර වෙඩි හුවමාරුවක් අදරාත්‍රී 12.45ට පමණ සිදුවි තිබේ.කොළඹ බලා ධාවනය කරමින් සිටි කාර් රථයක් සුරාබදු නිලධාරීන් විසින් කොප්පරා හන්දියේ සිට ලුහුබඳිමින් පැමිණ ඇති අතර මීගමුව රෝහල ඉදිරිපිටදී එම රථයට සුරාබදු නිලධාරීන් විසින් වෙඩි තබා තිබේ.මෙහිදී එම මොටර් රථයේ සිටි පුද්ගලයෙකුද වෙඩි තබා පලාගොස් තිබේ. මෙමවෙඩි හුවමාරුව මීගමුව රෝහලඉදිරිපිටදී සිදුවී ඇති අතර මීගමුව රෝහල් පොලීසිය හරහා මීගමුව පොලීසිය වෙත මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි