අරවින්ද විජේසිංහ මහතාට ජපානයේ ‘වන් බෙප්පු ඩ්රීම් අවර්ඩ්’ සම්මානය

0
39

 

ජපානයේ ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් වන රිට්සුමෙයිකාන් ආසියා පැසිෆික් විශ්ව විශ්ව විද්‍යාලයේ සංස්කෘතික සමාජ මාධ්යය උපාධිධාරියෙකු වන වන ශ්‍රී ලංකාවේ අරවින්ද විජේසිංහ මහතා විසින් ජපානයේ බෙප්පු නගරය සංවිධානය කරන ලද ‘වන් බෙප්පු ඩ්රීම් අවර්ඩ්’ සම්මානය ලබා ගැනීමට පසුගිය දා සමත් වුණි.

අදාළ සම්මානය හිමි කරගැනීම සඳහා මෙම තරඟාවලියට ඔහු විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය වූයේ ජපානයේ බෙප්පු නගරයේ වාසය කරන විදේශිකයන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ‘මයි බෙප්පු’ නමින් වූ ඇප් එකකි.

ඒ වනවිටත් පරිශීලකයන් 200ක් පමණ භාවිතා කරමින් සිටි මෙම ඇප් එක අදාළ තරඟාවලිය තුළ සුවිශේෂී අයුරින් කැපී පෙනෙන්නට වූ අතර තරඟය ජය ගැනීමෙන් මාස කිහිපයක් ගත වීමෙන් එහි පරිශීලකයන් ගණන 1200 පමණ ඉක්මවා ඇත.WhatsApp Image 2025 04 25 at 10.28.03 eeb95c97

මෙම ඇප් එක හරහා ජපානයේ වැඩිම විදේශිකයන් ප්රතිශතයක් වාසය කරන බෙප්පු නගරයේ විදේශිකයන් මුහුණ දෙන ගැටළු රාශියකට පිළිතුරු ඉංග්රීසි භාෂාවෙන් ඔවුන් වෙත ලබා දීමට අරවින්ද මහතා සමත් වී ඇත. ඒ හරහා නගරයේ විස්තර, ස්වභාවික ආපදා අනතුරු ඇගවීම්
මෙන්ම අර්ධ කාලීන රුකියා අවස්ථාවන් පිළිබඳවත් විදේශිකයන්ට වැදගත් වන තවත් නොයෙකුත් තොරතුරු රාශියකුත් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙම ජයග්රහණයේ සුවිශේෂීත්වය වනුයේ මෙම තරඟාවලිය ජයග්රහණයෙන් පසුව ඇමරිකාවේ සිලිකන් වැලී හා ජපානයේ ඉහළ පෙළේ මෙන්ටර්ස්ලා හරහා තාක්ෂණික දැනුම ලබා ගැනීමට අරවින්දට හා ඔහුගේ ආයතනයට අවකාශය විවර වීමත් පසුගියදා පැවති බෙප්පු නගරයේ සියවෙනි සංවත්සරය නියෝජනය කරමින් නගරයේ ඉදිරි වසර සියය සඳහා යහපත් බලපෑමක් කළ හැකි තිදෙනෙකුගෙන් එක් අයෙකු ලෙස නගරයේ විදේශීය ප්‍රජාව නියෝජනය කරමින් දේශනයක් පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබීමත්ය.

ඒ අයුරින් නම්කොට තිබෙන තිදෙනාගෙන් ජපන් ජාතිකයෙකු නොවන එකම විදේශීය ප්රධාන අමුත්තා වූයේ ද අරවින්දය. මෙම ජයග්රහණය සමඟ බෙප්පු සිටි ‘ස්ටාර්ට් අප්’ වැඩසටහන හා සම්බන්ධ වීමටත් app එකේ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් යෙන් මිලියනයක්
ඇතුළු විවිධ මුල්‍යම සහයෝගයන් රාශියක් ලබාගන්නටත් අරවින්ද මහතා මේ සමඟ සමත් වී තිබේ.

මේ වන විට වසර පහක පමණ කාලයක් පුරා ජපානයේ ව්යාපාරික කටයුතුවල නිරත වී සිටින අරවින්ද මහතා ජපානයේ ස්ථාපිත ජපන් හා වෙනත් විදේශීය සමාගම් කිහිපයක් සමඟම තම වැඩකටයුතු කරගෙන යමින් ශ්රී ලංකාවේ කීර්තිය නාමය පතුරුවමින් සිටියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here