අර්ථ සාධකේ රකින්න ජීවිතය දුන් රෝෂෙන් චානක සැමරේ .

0
493

රාජපක්ෂ ජුන්ටාව විසින් මිට වසර 12 කට ඉහතදි කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදලද සොරකම් කිරිම පිඹුරුපත් සකසමින් සිටියදි එයට විරෝධය පළකරමින් කටුනායක නිදහස් වෙළඳ කලාපය තුල දැවැන්ත කම්කරු සටහනක් ක්‍රියාත්මක විය.

එය මර්ධනය කිරිම සඳහා රාජපක්ෂ කල්ලිය ⁣පොලිසිය යොදාගත් අතර එම පහරදිම් වෙඩිතැබිම් වලින් විශාල පිරිසක් තුවාල ලබන්නට වු විය.

පොලිසිය තිරිසනුන් ලෙස හැසිරෙමින් සිදුකළ වෙඩි තැබිම් වලදි රෝෂේන් චානක දරුණු ලෙස තුවාල ලබා තිබුන අතර ඔහුව රෝහලකට ගෙනයාමට පවා මේ ම්ලේච්ඡ පොලිසිය එදා ඉඩ ලබා දි තිබුනේ නැත.

මිට වසර 12 ඉහත ඊයේ වැනි දිනක රෝෂෙන් චානක සිය තරුණ ජිවිතය අරගලයක් වෙනුවෙන් කැප කොට සදහටම දෙනෙත් පියාගෙන තිබුණි.

එදා පටන් ගෙවුන හැම ජුනි 01 වෙනිදාවකම කටුනායක නිදහස් වෙළද කලාපයේ ඔරලෝසු කණුව අසල රෝෂේන් සැමරිමට බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නායකත්වයෙන් නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් සමඟින් කටයුතු කරන සංවිධාන සහ ක්‍රියාකාරින් මුල්ව තිබුණි.

ඊයේ සවස්වරුවේද ඇවරිවත්ත ඔරලෝසු කණුව අසලදි රෝෂෙන් චානක සැමරුම ඉතාමත් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබුණි.

වෙනදා මෙන්ම හැමදාමත් මෙම සැමරුමට එක්වන රොෂෙන් මවද එහි විය.

අවසානවක මහත වන්නේ කම්කරුවන් වෙනුවෙන් සිය තරුණ ජීවිතය පුජා කළද නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ට රෝෂේන් අමතකව ගොස් තිබිමය

ඊයේ සැමරුමට එක්ව සිටි සුලු පිරිස පවා සමන්විත වි තිබුනේ කම්කරුවන් වෙනුවෙන් වැඩකරන විවිධ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සේවක සේවිකා⁣වන්ගෙනි.