අර්බුදය උග්‍රවෙයි. ඇමති ලංසා තනිවෙයි.?

0
71

1510585_563650210399227_880087658_nN-Lanzaඇමති නිමල් ලංසා බරපතල අර්බුද ගණනාවකට මැදිව ඇතැයි වාර්ථා වේ. මේ නිසා වෙනත් කිසිදාක නොතිබුණ කලකිරුණු තත්වයකට ඇමතිවරයා පත්ව ඇතැයි ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.
විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් 27 වනදා සවස පැවැති බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ උපන් දින සාදය අවස්ථාවේ ඇමති නිමල් ලංසාට මුහුණ දිමට සිදුවු තත්වය කාලයක් තිස්සේ ගම්පහ දිස්ත්‍රික්කය තුල වර්ධනය වෙමින් පැවැති තත්වයක ප්‍රකාශමානවිමක් ලෙස අප දකිමු.
මහ ඇමති තනතුරුට තරඟ වැදුන ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රබල තරඟයක් දිම ඉලක්ක කරගෙන විශාල මුදලක් අයෝජනය කරමින් දැවැන්ත මැතිවරණ ප්‍රචාරයක ව්‍යපාරක නියැලුණ ඇමති ලංසාගේ සියළු බලාපොරොත්තු සුන්ව ගියේ ඉලක්කගත මනාප ප්‍රමාණයක් ලබාගැනිමට නොහැකිවිම සහ මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතිවිශාල මනාප සංඛ්‍යාවකට හිමිකම් කිමත් හේතුකොටගෙනය.
කෙසේ වෙතත් පැවැති උපන් දින සාදය අවස්ථාවේදි කැළණිය සමුපකාරයේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරිම සදහා ඇමති නිමල් ලංසා සමුපාකාර ඇමතිවරයා ලෙසින් කටයුතු කිරිම සම්බන්ධයෙන් මතුව තිබු ආරවුල දුරදිග යාම හේතුකොට ගෙන කැළණිය ප්‍රදේශයේ මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ පිරිසක් ඇමති ලංසාට බැන වැදි පහරදිමට තැත්කර තිබේ.
ඇමති ලංසාට මෙවන් තත්වයකට මුහුණ දිමට සිදුව ප්‍රථම අවස්ථාව මෙය වන අතර ගම්පහ දිස්ත්‍රික්කය තුල ඔහු තනිවන ස්වභාවයක්ද මේ නිසාම පෙන්නුම් කරමින් තිබේ.
මේ තත්වය තවත් බරපතල ව ඇත්තේ ඇමති ලංසා විසින් දරන්නට යෙදුන ප්‍රබලම ඇමතිධුරය වු පළාත් මාර්ග සංවර්ධනය ඔහුගෙන් ඉවත් කර තිබිමයි. විශාල ආර්ථික වාසි සදහා හිමිකම් කිමට ඉඩසැලසුන් මේ අමාත්‍යංශය ඔහුගෙන් ඉවත් කෙරුණ ඇතැයි කිසිවිටකත් ඔහු සිතන්නට නැත.
මේ නිසා ඔහු පමණක් නොව ඔහුගේ සමිපතම ආධාරකරුවන්ද අර්බුදයකට ගොස් ඇත.
මේ පසුබිම තුල රුපියල් කෝටි ගණනක හිඟ මුදලක් කොන්ත්‍රාත්කරුවන් හට දිමට තිබෙන බැව්ද වාර්ථා වේ.