කුඩා බෝට්ටු ධිවරයන් ,තෙප්පම් ධිවරයන් සහ වැල්ලේ මාලු කඩේ මාළු විකුණන වෙළදුන් අතර මතුව ඇති ගැටළුවක් හේතුවෙන් මිගමු වැල්ලේ මාළු කඩය දින දෙකක් තිස්සේ වසා දමා ඇත.


මේ දින දෙක තුල ධීවරයන් රැකියාවට ගොස් තිබුනේද නැත.




අයිස් මාළු ,පෙට්ටි මාළු මාළු කඩේ විකිණිම හේතුවෙන් ධිවරයන් අල්ලාගෙන එන අලුත් මසුන් අලෙවි කර ගැනිමේ ගැටළු මතුව ඇතැයි ධිවරයන් ප්‍රකාශ කර සිටිති.
මේ පිලිබදව සාකච්ඡා කරගැනිමට 200කට ආසන්න ධිවරයන් පිරිසක් ඊයේ දිනයේ රැකියාවට නොගොස් මාළු කඩය වෙත පැමිණ තිබුණි.
අදත් උදේ වරුවේ තවත් සාකච්ඡාවක් පැවැත්වෙන ධිවර වෙළදුන්ගෙන් කළ විමසිමකදි කියා සිටියහ.
මේ හේතුවෙන් මාළු ගැනිමට එන අය මෙන්ම මාළු කඩය නැරඹිමට එන විදේශ සංචාරකයන්ද අපහසුවට පත්ව තිබුණි.
වැල්ල රජයට අයිති වුවද මිගමුවේ දේශපාලන පවුලක මැදිහත්විම මත එහි පාලනය පල්ලියට පවරා දි තිබේ.