අර්බුදය දිග් ගැස්සෙයි ! බැසිල්ගේ ගෝලයා ඉවතට !

0
276

බැසිල් රාජපක්ෂගේ ගෝලයෙක් වු සිරිපාල අමරසිංහ ඉවත්කර මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කටයුතු කර තිබේ. ඒ අනුව පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුපුන් එස් පතිරගේ මහතා පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි

මෙම නව පත්කිරීම සිදු කෙරුණේ එතෙක් සභාපති ලෙස කටයුතු කළ සිරිපාල අමරසිංහ ට නකල්ස් වන රක්ෂිත ස්වාරක්ෂිත කලාපය තුළ අනවසර හෝටලයක් ඉදි කර ඇති බවට චෝදනා එල්ල වී දින කිහියකට පසුව විමද විශේෂත්වයකි.

නකල්ස් රක්ෂිතය මායිමේ රත්කිඳ ඇල්ල ආසන්නයේ ඔහු සහ ඔහුගේ පුතා විසින් අනවසරයෙන් හෝටලයක් ඉදිකොට ඇති බවත් එමඟින් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකට සහ පරිසරයට හානි වී ඇති බවට චෝචනා එල්ල වී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ඔහු එම පක්ෂයෙන් ඉවත්කිරීමෙන් පසු දිගු කලක් බැසිල් රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු ලෙස රජයේ විවිධ තනතුරු දරමින් කටයුතු කළේය.

නව සභාපති පතිරගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා උපාධිධරයකු වන අතර ඔහු කලක් ඩොක්යාඩ් සමාගමේ ප්‍රධාන පාරිසරික නිලධාරියා ලෙසින් ද කටයුතු කළේය.

www.colomboxnews.com