
පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් වූ අල්ලස් නඩුවෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නිදහස් කර තිබේ. ඒ් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීමෙන් පසුවය
මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු ද නඩුවෙන් නිදහස් කර ඇත.
මේ අතර සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැන්වා තිබෙන බව වාර්තා වේ .හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට නොතීසි නිකුත් කරමින් හෙට(28) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දන්වා තිබේ.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව ඉකුත් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මිට අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබු අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ දරන බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු චෝදනා කර තිබුණි..
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රනාන්දු සැප්තැම්බර් 1 වනදා දක්වා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වාරණ නියෝගය දීර්ඝ කළේය.