”අලිඩෝන්” එකක් කළ හදියක් ?

0
547

අලිඩොන් 1අලිඩෝන 2දංකොටුව මාවතගම ප්‍රදේශයේ පිහිටි අලිවෙඩි නිෂ්පාදනය කරන කර්මාන්තශලාවක මැයි  19 උදැසන සිදු වු පිපිරිමකින් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන විනාශ වි ඇතැයි දංකොටුව පොලිසිය පවසයි. මෙලෙස පිපිරිමක් සිදු වි ඇත්තේ මාවතගම අලිඩොන් ගිණිකෙළි නැමති කර්මාන්තශාලාවකි.
මැයි 19 උදැසන 7 ට පමණ එහි සේවකයන් සේවය කරමින් සිටියදි අලිවෙඩි නිපදවීමට ගන්නා වෙඩි බෙහෙත් වෙළිමට උපයෝගි කරගන්න වෝල්ට් 1000 ක පමණ විදුලි බල්බයකින් කාන්දු වු විදුලියකින් හටගත් ගින්නකින් මෙම පිපිරිම අරම්භ වු බව එහි සේවකයන් පොලිසියට පවසා ඇත. මෙම පිපිරිමෙන් එහි එම අවස්ථාවේ සේවකයන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති අතර ගින්න හටගත් අවස්ථාවේදි සියලුම සේවකයන් එළියට පැන ගැනිම නිසා සිදුවීමට තිබු විශාල ජීවිත හානියක් වැලකි ඇති බව පොලිසිය කීයයි.
නිෂපාදනය කර ප්‍රවාහනයට සුදානම් කර තිබු අලිවෙඩි 15000 ක පමණ ප්‍රමාණයක් මෙම පිපිරිමෙන් විනාශ වි ඇති බවත් පීරිමෙන් ඇති වු කම්පනයෙන් කර්මාන්තශලාවට මීටර් 200 ක් පමණ දුරින් තිබු නිවෙස් වල ජනෙල් විදුරු කැඩි විනාශ වි ගොස් තිබේ.
මෙම පිපිරිමෙන් වු විනාශය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති අතර අප එම ස්ථානයට යන විටත් වෙඩි බෙහෙත් පුපුරමින් තිබෙන අකාරය දැකගත හැකි විය දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් පරික්ෂණ සිදු කරයිඅලිඩොන් 4චන්දන ප්‍රනාන්දු