අලියා, හිමිනමට පහර දි මරා දැමු හේතුව හෙළිවේ !

0
81
රාහුල හිමි
ඡායාරුපයේ වම් පස සිටින්නේ රාහුල හිමියන්ය.

කටාන ප්‍රදේශයේ පන්සලක පැවැති පෙරහැරකදි අලියෙකු විසින් තරුණ හිමිනමකට පහර දි මරාදැමු හේතුව පිළිබදව පුලුල් කතිකාවක් මේ වන විටත් විවිධ තල වලින් ඇරඹි ඇත.
මේ පුවත පිළිබද සමාජ ජාලා තුලින් සිය අදහස් සටහන් තබන විද්වතුන් කියා සිටින්නේ අලින්ට විවිධ හිරිහැර විදින්නට සලස්වමින් පවත්වනු ලබන මෙවැනි පෙරහැරවල සදහා තවත් එවන් අහිංසක සතුන් යොදාගැනිම නොකළ යුතුය යන්නය.
කටානේදි හිමිනම පාගා මරාදැමු අලියා ගැන දැනටමත් කියැවෙන කරුණු අතර වන්නේ ඌ ඇත පළාතක සිට ගෙන විත් ඇති බවත් තවත් පෙරහැර වලට සහභාගි කොට අධික වෙහෙසකින් සිටි බවත් ඔහුගේ පාද සිරවෙන අන්දමින් බැද තිබුණු යකඩ දම්මැල් නිසා තුවාලද සිදුව ඔහු මහත් වේදනාවකින් සිටි බවත්ය
මේ නිසා පෙරහැර ගමන තුලදි අවස්ථා කිපයකදි ද නොසන්සුන් ලෙස හැසිරි තිබුණ බවද කියැවේ.මේ එක් අවස්ථාවකදි අසල සිටි පාපැදි කරුවෙකුට සොඩයෙන් පහර දෙන්නට උත්සාහ කර තිබුණ  බවද එහි සිටි අය පවසා සිටිති.
මේ පෙරහැරේ තවත් අලින් 5 දෙනෙකු ගමන් කර ඇති බවත් මේ පෙරහැරේ දුර සැතපුම් 7 ක් වන බවද සැලය.
කෙසේ වෙතත් අදාල හිමිනම මේ අලියාගේ හොඩය ස්පර්ශ කොට ඇති අවස්ථාවක  හනික කිපුණ අලියා පළමුව සොඩෙන් පහරදි වැටුනු හිමිනමගේ පපු පෙදෙස පාගා දමා ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියැලි සිටින මේ හිමිනම එප්පාවල ප්‍රදේශයේ අයෙකු බවද කියැවේ.
මෙවන් පෙරහැරවල් සදහා  අලින් යොදාැනිම  පිළිබදව රටතුල පුලුල් සංවාදයක් මතු විය යුතුව තිබෙන අතර එහිදි වඩාත් බුද්ධිමත් තින්දු වලට එළඹිය යුතුව තිබේ.
ඡායා-ප්‍රසාද් මුතුකුඩ