අලි මිනිස් ගැටුම් අඩුකරන ලොව ප්‍රථම ගජමිතුරු බස් රථයේ පළමු සැමරුම වස්ගමුවේදී සැමරේ..

0
341

ලොව ප්‍රථම ගජමිතුරු බස් රථය සිය පලමු උපන්දින සැමරුම පසුගිය සැප්තැම්බර් 9 වනදා වස්ගමුව ප්‍රදේශයේදී සමරනු ලැබුවා.අලි මිනිස් ගැටුම් අඩු කිරීමේ අරමුණින් නිර්මාණය කෙරුණු මෙම බස් රථයේ නිර්මාණකරුවන් වන්නේ ශ්‍රී ලංකා වනජීවී සංගමයයි.

IMG_4825-1-800x450

මේ වන විට අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ කාගේත් කථාබහට ලක්වන ප්‍රශ්ණයක් වී අවසන්. මිනිසුන් විසින් අලියන්ට අයත් භූමි ප්‍රදේශයන් තමන්ගේ ජීවන අවශ්‍යතාවයන් සපුරාගැනීම සදහා යොදාගැනීමත් සමග මෙම අලි මිනිස් ගැටුම් නිර්මාණය වීම ආරම්භ වුණා. මේ වන විට ලැබෙන වාර්ථාවන්ට අනුව අලියන් විසින් වසරකදී මිනිසුන් 50 දෙනෙකු පමණ මරා දමන අතර ඉන්පසුව මිනිසුන් විසින් වෙඩි තැබීම,වස දීම හා විදුලි වැටවල් නිසාවෙන් අලියන් දරුණූ තත්වයන්ට පත්වන අවස්ථාවන්ද විශාල වශයෙන් දැකගන්නට පුළුවන්. සෑම වසරකම අලියන් 100 – 150ත් අතර ප්‍රමණයන් මරාදැමෙන බවයි වාර්ථාවන් සදහන් කරන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් අලි මිනිස් ගැටුම අඩු කිරීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණත් ග්‍රාමීයව මේ ක්‍රියාමාර්ගයන් වල සාර්ථකත්වය පිලිබදව වන ගැටළු මගහරවා ගැනීම සදහා මෙම ගජමිතුරු බස්රථය නිර්මාණය කිරීමට තීරණය කල බව ශ්‍රී ලංකාවනජීවී සංරක්ෂණ සංගමය පවසනවා.
මෙම ගජමිතුරු බස් රථය පසුගිය වසරේ සිට සෑම දිනකම ධාවනය වන අතර එමගින් පාසල් දරුවන්ව ඉතාමත් ආරක්ෂිතව පාසල් වෙත හා ආපසු පාසලෙන් නිවසට ගෙන ඒම සිදුවනවා. මෙම බස් සේවයේ විශේෂත්වය වන්නේ මෙමගින් පාසල් දරුවන් සදහා ප්‍රවාහන පහසුකම් සපයන්නේ නොමිලේ වීම.එලෙසම එමගින් පාසල් දරුවන්ව සාමාන්‍යයෙන් අලියන් ගමන්ගන්නා මාර්ග වලින් හා ප්‍රදේශවලින් ආරක්ෂිතව පාසල් වෙත ගෙන යාම හා ගෙන ඒමත් සිදුවනවා. පාසල් දරුවන්ට අමතරව වෙනත් පිරිස්ද දෛනික මෙම බස් රථය තමන්ගේ ගමන්බිමන් සදහා යොදාගන්නා අතර ඔවුන්ගෙන් සාධාරණ මුදලක් මේ සදහා අයකරණු ලබනවා. වනජීවී සංගමයේ වාර්ථාවන්ට අනුව මෙම බස්රථය දෛනිකව පුද්ගලයන් 191 දෙනෙක් විසින් භාවිත කරන අතර එයින් 72 පාසල් දරුවන්.

මෙම  බස් රථය සාමාන්‍යයෙන් වස්ගමුව ජාතික වනඋද්‍යානයේ දකුණු මායිමේ වන නිතර වන අලීන් ගැවසෙන හා අලිමිනිස් ගැටුම් නිරන්තරයෙන් සිදුවන ප්‍රදේශයවන හිම්බිලියකඩ,ඉරියගසුල්පොත, හා වෙහෙරගලගම යන ප්‍රදේශවලින් ගමන්ගන්නවා.

මෙම බස් රථයේ දෛනිකව ගමන්ගන්නා පාසල් සිසුන් පවසන්නේ දැන් තමන්ට කිසිදු බියකින් තොරව පාසල් යාමට හැකි බවයි. මෙම බස් රථය ක්‍රියාත්මක වීමට පෙර අලි නිසා මෙන්ම ධාරනිපාත වර්ෂා තත්වයන් නිසාද පාසල් ගමන අඩපණ වී තිබුණ බවත් ඒ සිසුන් පවසානවා. එලෙසම මෙම බස් රථය තමන්ට ආරක්ෂිත ගමනක් ලබාදීට අමතරව අලි මිනිස් ගැටුම් සම්බන්දයෙන් තමන් දැනුවත් කිරීම සිදුවන බවයි එහි ගමන්ගන්නා පාසල් දරුවන් පවසන්නේ. මෙම බස් තුල රථය වනජීවී සංරක්ෂණය හා අලින්ගේ විස්තර ඇතුලත් විචිත්‍ර වර්ණයෙන් සමන්විත  ඡායාරූප හා පණිවිඩ ඇතුලත් වන බැවින් පාසල් දරුවන්ට ඒ පිලිබදව දැනුමක් ලබාගැනීමේ හැකියාව එමගින් ලැබී තිබෙනවා.

IMG_4837-1-800x450

IMG_4811-800x450

මෙම බස් රථය ධානයට එක්වී පළමු මාස 7 ඇතුලත අලි මිනිස් ගැටුම් ප්‍රමාණය 80%කින් එනම් එවැනි ගැටුම් සම්බන්ද සිදුවීම් 83 සට 21 දක්වා අඩුවූ බවයි වනජීවී සංගමය පවසන්නේ. එලෙසම  ආකාරයේ තවත් බස් රථයක් ධාවනයට එක් කිරීමට තම සංගමය කටයුතු සූදානම් කරමින් සිටින අතර අලි මිනිස් ගැටුම් පවතින වෙනත් ප්‍රදේශයන් කරාත් මෙම සංකල්පය ව්‍යාප්ත කිරීමටත් තම සංගමය බලාපොරොත්තු වන බව එම සංගමය පවසනවා. එලෙසම මෙම බස් රථය තම සංගමයට අයත් වූවත් එය රැක බලාගන්නා ගම්වාසීන් බවයි ම සංගමය තවදුරටත් පවසා සිටින්නේ.


 

https://globalvoices.org/ හි පළවූ ලිපියක් ඇසුරිණි.