අලුත් මාලු ගන්න සෙත්තප්පාඩුවට එන්න!

0
327

fish 2මීගමුව සෙත්තප්පාඩුව වෙරල තීරයේ මාදැල් වලින් අල්ලා ගන්නා මාලු ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් දැඩි කැමත්තක් දක්වන්නේ එම මාලු අයිස් දැමීමකින් තොර ඉතා නැවුම් නිසාය. මාදැලට අසුවන අන්ජිලාවෝ, තෝරු, කටුවල්ලෝ,සාලයෝ, සූඩයෝ,කුම්බලාවෝ, සාවාලයෝ, කීලියෝ, වව්වාලයෝ,පූචකන්නි, බෝල්ලු,සුරාපරව්,මස්කාරල්ලෝ,හාල්මැස්සෝ, හැඩැල්ලෝ, ඇටනගුල්ලෝ,පරව්,උලියෝ, අගුලුවෝ, හුංගෝ, මීමැටියෝ,හුරැල්ලෝ,තුඩලි සහ මුරල්ලු සැබවින්ම බත්පතට නැවුම් රසයක් එකතු කරයි. ඒ දවස්වල මාදැල ගොඩවූවිට වැඩි ලන්සුවට මාලු මඩිය මිලට ගන්නා වෙලෙන්දෝ මාලු පෙට්ටිවල බහා කොළඹ මාලු වෙලදපොලට රැගෙන ගියහ. එහෙත් මේ දවස්වල එසේ මිලදී ගන්නා මසුන් වෙළෙඳුන් විසින් සෙත්තප්පාඩුව 273 මාර්ගය දෙපස තබාගෙන අලෙවි කරන බැවින් සාධාරණ මිලකට අලුත් මාලු පරිභෝජනය කිරීමේ වාසනාව 273 මාර්ගය ඔස්සේ ගමන් ගන්නා අයට ලැබී ඇත.
අරුණ ශාන්ත නෝනිස්